අද පොසොන් පෝය... මං උදේ පාන්දරින් ම ඇහැරැණා. දොරත් ඇරියා ඉක්මනට අස් කරලා බුද්ධ පූජාව ලෑස්ති කරන්න කියලා හිතලා..
මූණ කටත් හෝදා ගෙන සුදූ පාටට හුරැ ගවුමකුත් කඩි මුඩියේ ඇඳ ගත්තේ මල් වට්ටියත් අරන් එලියට බහිමින්..
එලියේ ලොකුවට හැදිලා තිබුන සුදු මල් ගහෙන් මං මල් කඩන්න ගත්තා.
කොළ පාට නියර ලා වට පායන හිරැ එළිය ට ලස්සනට දිලිසෙනවා මං දැක්කා..වැටෙන් පැනලා ඒ පැත්තට යන්න හිතුනත් මහත්තයා ට නොකිය යන්න බැරි නිසා ම මං ඉවසන්න ගත්තා.
මල් වට්ටියක් ම පිරෙන්න ම කඩද්දි ඔන්න සුමනේ ඇන්ටි ත් එනවා මොනවදෝ අරගෙන මං ඈත ඉඳන් ම දැක්කා.
ගුඩ් මෝර්නින් නෝනේ....
ගුඩ් මෝර්නින් ඇන්ටී.... මොනාද මේ අරන් ආවේ...?"
ආහ්... මේ පිට්ටු ටිකක්... මං උදෙන්ම හැදුවා.."
වාව්... මං ආසම කෑමක්... පොල් කිරියි සීනියි එක්ක තමයි ආසම.."
නෝනා ආසයි කියලා මං දන්නැහැ නේ...."
ඉන්නකෝ මං මේ ටික ගෙයින් තියන්නම්... මහත්තයා නිදි ද තාම.."
ඔව්.... මෙි ඇන්ටී.. පොල් කිරි ටිකක් හදාගමු බතකුත් තියන්නෝන ලිප... අද කිරිබත් ටිකක් හදන්න කියලා ... පූජාවට.."
කොච්චර හොඳ දෙයක් ද... හරි ඉන්න කෝ මං පටස් ගාලා කරන්නම්.."
මං සිහින් හිනාවක් ඇය වෙත පිරි නැමුවා.
මල් ටිකත් කඩලා පහන පිරිසිදු කරලා ගේත් අස් කරලා මිදුලත් රටාවට අතුගෑවා..එහෙම්ම කුස්සියට ගිහින් ඇන්ටිටත් උදව් දුන්නා..
ඇන්ටිත් යං අපි එක්ක අද පන්සල්..."
එයා අහිංසක හිනාවක් දැම්මා පමණි.
ඇයී... එනවා නේද...?
හා නෝනේ.... එන්නම්...."
ඒකනේ... අපි යමු කෝ එහෙනම්...."
සංදේශ්..... කීයටද අපි යන්නේ...." ඩිස්නි කාමරයට විත් සංදේශ් ගෙන් ඇසූහ.
ඔයා ලෑස්ති වෙන්නකෝ.... උදෙන් ම යං මොකද දුර යන්නත් එපැයී....කෝ දරැවා..??
දරැවා අම්මා එක්ක...අම්මට කියනවද ...??
එපා ..... එපා... එයා කැමති නැ අපි එහේ යනවට වත්.."
ඇයි ඒ...??
නොකියා යනෙක හොඳයි නේ ඩිස්නී... ගිහින් ඉක්මනට එමු..."
අම්මා ඇහුවොත් මොකද කියන්නේ ....?
ඈ ඇසුවේ තම අල්මාරියෙන් ඇඳුමක් ගන්නා අතර තුරයි.
පොඩ්ඩක් එලියට යනවා... එච්චරයි ..." දරැවව මං එක්ක එන්නම් ඔයා ලෑස්ති වෙන්න..."
සංදේශ් ඇඳෙන් බැස්සේ ය.
කොළ පැහැති කොට බ්ලවුස් එකක් හා නිල් ඩෙනිමක් ඈ තෝර ගෙන බාත් රෑම් එකට ගියේ සංදේශ් කාමරයෙන් ගිය එක්කමයී.
ඒ අතරේ නතාශි නම් උන්නේ එලිමහනේයී..
ඈ වෙතට ආවේ තම පියා වු එඩ්වන් ය.
දුව... මොකද කරන්නේ...??
සුදු පාට එල්ලෙන ඔංචිල්ලා වේ පැද්දෙමින් වුන් නතාශි තවමත් එහි ය.
මට මෙහේ ඉන්න බෑ තාත්තේ ... මං තීරනේ කරා ආයේ ඩුබායි යන්න..."
වට්... ඔයාට පිස්සු ද දුව....ඔයා හදන්නේ මේ ඔක්කොම දාලා ආයේ ඩුබායි යන්න ද...??
තේරැමක් නැති දේවල් වලට කාලේ නාස්ති කරලා වැඩක් නැ තාත්තී... "
එඩ්වන් කෝපයෙන් තම දුව දෙස බලා උන්හ.
තාත්තේ .... මං හෙට ම ඩුබායි යනවා... ඔයා ලා එනවනම් එන්න..."
එපමනක කියමින් ඈ එතනින් නික්මුනේ තවදුරටත් එඩ්වන් ට මුකුත් කියන්න ඉඩ නොතබමින්..
ආන්ටී....."
මයෝන් නතාශි ව ඇමතීය. ඈ තම කාමරයට යන්න ට හිතුවත් නතර වුනේ මයෝන් ගේ හුරතල් බසටයි.
බබා.... කොහේ යන්නද මෙි...?
දිග ඩෙනිමට සුදු සපත්තු දාලා කොළ පාටට අත් දිග ටී ශර්ට් එක රතු කැප් එක මයෝන් ගේ බළල් ඇස් වෙනම ම ලුක් එකකී..
අපී..බූම් යනවා...."
බූම්.....? කා එක්කද අම්මි එක්කඳ...?
ඕ... තාත්තී යි..."
ඔයාගේ නතාශි ආන්ටි එක්ක යන්නැද්ද...?"
නෑ..... "
අනේ... ආන්ටි පව් නේ...."
ආ.... නතාශි ??"
තරප්පු පෙලේ න් බැස ආවේ ඩිස්නි ය.ඒ එක්කම සංදේශ් ද ආහ.
කොහේ ද අක්කලා යන්නේ....?
අපී.... ගමනක් යන්න.. ඉක්මනට එනවා.... අම්මා ගැන පොඩ්ඩක් බලන්න නංගී..."
හ්ම්ම්...."
ඈ හිස වැනුවා පමණි.
ඩිස්නි තම පුතු ව ත් රැගෙන එලියට ගියේ සංදේශ් තම වාහනය පණ නංවන සූදානමින් ය.
නතාශි ගියේ තම කාමරයටයි.
මැඩම්.... උඳේ ඉදලා මුකුත් කෑවේ නැ නේද...?
මට කන්න බෑ සීලා...."
තම යහන වෙත ඇලව ජනෙල් පෙත්ත දෙස බලා උන් වසූදා කීවේ සීලා ටය.
ඒ වුනාට මැඩම්... බෙහෙත් බොන්නෝන නේ...."
මට මැරිලා වත් යන්න ඕන සීලා... මං දරැවෝ හැදුවේ සෑහෙන්න දුක් විඳලා ඒත්.....කවුරැත් වෙනස් වෙලා.. දුවෙක් හිටිය නමි මගේ ම කියලා මං ගැන බලාවී.... මට දුකයි... මට දුවෙක් නැති එක ගැන..."
මැඩම් ට දුවෙක් වගේ හිටියා මෙි ගෙදර කෙල්ලෙක්...ඒත් ඉතින් .... ඒ කෙල්ලව මේ ගෙදරින් පැන්නුවා නේ...."
මොනා ද සීලා කියන්නේ ඒ කෙල්ල අපේ ගෙදර ට අඩුම ගැලපෙන කෙනෙක් ද...? මොකවද තියෙන්නේ අනික "
එහෙම කියන්නෙපා මැඩම්... මං මැඩම් ලා ලඟ වැඩ කරන්නේ සංදේශ් මහත්තයා පුංචි කාලේ ඉඳලා.... පුංචි මහත්තයා ට ත් එතකොට වයස කීයද... මොන්ටි සෝරි වත් නැ...."
මට මතකයී සීලා... සීලා මගේ ළමයි ව බලා ගත්තේ හරියට අම්මා කෙනෙක් වගේ... ඉස්සර මේ ගෙදර කොච්චර සතුට තිබුණද... සීලත් අපේ පවුලේ කෙනෙක් වගේ .. ළමයි ලොකු වෙන කොට එයාලට අම්මලා තාත්තා ලා අමතක වෙනවා... එයාලා එයාලගේ ලෝකේ වෙනම් හදා ගන්නවා.. එතකොට නොකිව්වට දෙමව්පියන් කොච්චර නම් දුක් වෙනවද.... හීරිමක් නොකර බලාගෙන කන්න බොන්න හැමදේ ම නො අඩුව කරලා එයාලා වෙනස් වෙලා අපේ දෝතට වත් ගන්න බැරි තරමට
ලොකු වෙද්දී...."
දරැවෝ වුනත් වෙනස් වෙන්නැ එයාලට හමිබෙන ගෑණු හොඳ නමි මැඩම්.. පුංචි මහත්තයා ගේ වයිෆ් තලෙලු කෙල්ලක්.. කළු කිය කිය කිව්වට... මට නම් කැතක් නැ මැඩම්.... සුදු කියන්නේ ලස්සන ම නෙවෙයි නේ... අපේ මිනිස්සු සුදු වුන පලියට ඒ මනුස්සයා ලස්සනයි කියලා හිතන්නේ...බලන්න එි කෙල්ලගේ ගති ගුණ ... ගෙදර වැඩ කාරි වෙච්ච මටත් සලකන්නේ එයාගේ අම්මා කෙනෙක් ට වගේ.... එතකොට එහෙම බලද්දි මැඩම් ට කොහොම සලකයි ද..."
ඇයී සීලා අපේ ඩිස්නි හොඳ නැද්ද එතකොට ...? එතකොට නතාශී....?"ඇයි සීලා අර කෙල්ල ගෙ ම හොඳ කියන්නේ ?.....
අනේ මන්දා මැඩම්... නතාශි නෝනා නම් ඉතින් මැඩම් ගෙ මල්ලි ගෙ දරැවනේ... මට ඉතින් කියන්න දන්නැ ... මං ඇත්තම කියන්නම් මැඩම්... ඩිස්නි නෝනට වඩා දහසකින් මට රශ්මී නෝනා හොඳයී... රෑපෙන් වගේ ම ගතිගුණ වලින්..."
හ්ම්ම්..... එහෙම ද සීලා..."
ඔව් මැඩම්..... දැන් මැඩම් මෙි බත් ටික කාලා ඉන්නකෝ... සේනක මහත්තයා ආවොත් බැනුම් අහන්න වෙයී...."
හරී.... සීලා දැන් යන්නකෝ... මං කන්නම්..."
සීලා බත් පිඟාන හැන්ද සමඟ මේසය මත තබා කාමරයෙන් ඉවතට ගියහ.
ඇත්තටම ඔය කියනවා වගේ රශ්මි හොඳයි ඩිස්නි ට වඩා...?සීලා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.. ඩිස්නි ව දන්නේ මං අවුරැදු තුනක් තිස්සේ... අද ඊයේ ආවා රශ්මි විශ්වාස කරන්න පුළුවන් ද මට.... අනේ මන්දා... සීලා කියන්නේ ඇත්ත ද කියලා ... සීලා මට බොරැ කියන්නේ ත් නැහැ නේ.... ඇත්තටම රශ්මි හොඳද...??
වසූදා කල්පනා ලෝකෙක නතු විය.
ඊළඟ කොටසට 💌💌
~_ishi tharuu_