මල්ලී.... හිතන්න දෙයක් නෑ අයියා කියන එහෙකට කැමති වෙන්න... "ඩිස්නි රදීශ් ගෙ.උරහිසට අතක් තබා කීහ.
රදීශ් දිගු සුසුමක් හෙලමින් නැගිට්ටේ ය.
සොරි අයියේ.... ඔයාලා කෝම තේරැම් කරත් මට රශ්මි ව අතාරින්න බැ... මට එයාව බලා ගන්න පුළුවන් නිසයි මං මැරි කරේ.... රශ්මි කියන්නේ අසරණ කෙල්ලෙක්... එයාගෙ ජීවිතේ මං විතරයි ...
රදීශ් එහෙම කියාගෙන එතනින් යද්දි ආයෙම රදිශ් ගෙ අයියා රදීශ් ව නතර කරන්න උත්සාහ කලත් ඩිස්නි ඔහුව නතර කලහ.
සංදේශ්.... දැන් රදීශ් ට කොච්චර තේරැම් කරත් වැඩක් නැ... ඔය කෙල්ලව එපා වෙන්නෝන එයාව බේර ගන්නනම්..
ඩිස්නී කීහ.
එහෙම කියලා ඉවසන්න පුළුවන් ද ඩිස්නී...
සංදේශ් කීවේ කේන්ති පිටයි.
මට නම් හිතෙන්නේ ඔය කෙල්ල පොඩි පුතා ට මොනාහරි දීලා ද කොහේද...මෙච්චර ඔයා කියලත් වචන වෙනස් කරේ නැත්තේ..., ,අම්මා කීවේ විරිත්තමින්...
එහෙම කියලා බලන් ඉන්නත් බැහැ නේ දැන් ම මොනාහරි කරන්න වෙයි... , බලන්නකෝ අම්මේ ඒ කෙල්ල ගෙ හැටී....
ඒක නම් ඇත්ත ඩිස්නි දුවේ... ඔය කෙල්ල මගේ පුතා ව දැලේ දාගන්න මොනා හරි කරලමයි මට හිතෙන්නේ..
ඇති ඇති දැන්... මේ කියනේවා ඒ ළමයින්ට ඇහුනොත් ඒකත් හොඳ නෑ.. අනික වසූදා... පරම්පරාවේ තත්වේ කියනවා ඔයා ඔය ගුරැකම් විශ්වාස කරනවද...
ඒවා මාත් විශ්වාස කරන්නැ තාත්තේ... මේ බඩගිනියි කාලා ඉමු... මල්ලි වෙනුවෙන් කරන්න ඕන දේ මං කරන්නම්... ඔයාලා කවුරුත් ඒ දේවල් වලට කලබල වෙන්නෝන නැ...
එහෙම කියාගෙන සංදේශ් එතනින් නැගිට්ටේය.
බැල්කනියේ කොනකට හේත්තුවක් දා ගත් මං රදීශ් එක්ක කතා කරමින් වුන්නා.
රත්තරං .. අපේ ගෙදර අය ඔයා ගැන හිතන විඳිය ගැන ඔයා හිතන්න යන්නෙපා.. ඔයා සතුටින් ඉන්න මං එක්ක.. කාලෙත් එක්ක එයාලගේ ඔය මහන්දත්ත කම අඩු වෙලා ඔයාටත් අයියගේ වයිෆ් ට වගේම සලකයි...එයාලා දැනගන්නෝන ...සල්ලි , ලස්සන , පාට නිකන් වචන විතරයි හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් ට....
රදීශ්,.....??
මං රදීශ් දිහා බැලුවේ හිත රිදෙන තරමටම මානසිකව වැටෙද්දී,
ඔව් මගේ මැණික... කියන්න...
මං කැතද රදීශ්....
ඔයා කැත නැ.. ඔයා තමයි මං දැකපු ලස්සන ම කෙල්ල... ඔයාට මතකද අපි දෙන්නා හම්බ වුන හැටී....
ආයෙම මාත් රදීශුත් ඒ ලස්සන අහඹු හමුවීමේ මතකයට ගියා.
එදා මං දළදා මාළිගාවට යන්න කියලා හිතාගෙන හැමදාම මල් ගන්න කඩේට ගියේ නෙළුම් මල් ටිකක් ගන්න...
අක්කා නම් දැන් ගොඩක් හුරැ පුරැදුයි වගේ...
නෙළුම් මල් විකුණන ඒ කෙල්ල කිවේ මට නෙළුම් මල් ටික අතට දෙද්දීයි...
මං යාන්තමට සිනාවක් දැම්මා.
අක්කාත් මේ නෙළුම් මල් වගේම ලස්සනයි ...
එි වගේ වචන මට ඇහුණේ අහම්බෙකින්.. මාව ලස්සනයි කියලා වර්ණනා කරන කෙනෙක් නැති තරම්..
ඇත්තටම මං මේ නෙළුම් මල් වගේම ලස්සන ද...
අනේ ඔව් අක්කේ....ඒ මල් ඔයා වගේමයී..රෑපෙ නෙවෙයි ලස්සන වෙන්නෝන අක්කේ... හදවත...,
ඒ යුවතිය එහෙම කිව්වේ හදවතින් කියලා මට තේරැණා.
ගොඩක් පිං... වචන ටිකට.. මං එහෙනම් යන්නම් බුදු සරණයි ...
බුදු සරණයි අක්කේ....
ඒ සතුට එක්ක නෙළුම් මල් පෙති දිගහරිමින් මං ඉදිරියට පා තැබුවා..හිතේ සැනසීමෙන් ඒ නෙළුම් මල් ඇත්තටම මං වගේමද කියලා කිවු වචන ටික තදින් ම හිතට දැනුනත් එක්කම මං ඒ මල් ස්පර්ශ කරමින් ඉදිරිය ට යද්දි මල් එකින් එක මගෙන් ගිලිහෙන්නට ගත්තේ තත්පර ගානක ඒ සතුට ත් ගිලිහෙද්දී,...
සොරි , සොරි ඩියර්.....
වැටිච්ච මල් එකින් එක අහුලගත් මං මගේ ඇගේ හැප්පුන රැව දෙස නොබලම නැගිට්ටා.
සොරි ඩියර්...
මං හීමිට රැවුමකින් ඒ රැව දෙස බැලුවා.
කඩවසම් තරැණයෙක්, ඒ ගානට කැපූ රැවුල, දුඹුරැ ඇස්, සුදු ලස්සන තරැණයෙක්...මං එකපාරටම ගල් වුනා..
වැරදීමකින් හැප්පුනේ...., ඔයාට ඔය මල් පුජා කරන්න බැහැ නේ... ඉන්න මං මල් ටිකක් ගෙනත් දෙන්නම් ...
ඒ තරැණයා මට කොච්චර කතා කරත් මං ඒ රැව දෙස බලා වුන්නේ ගල් ගැසීගෙන..
එස්කියුස්මී....
ඒ එක්කමයී මං පියවී සිහියට ආවේ...හිතට දැනුන ලැජ්ජාවට ම ආයේ මුකුත් නොකියා මං ඉක්මනට එතනින් ආවා. වැටිච්ච මල් පූජා කරන්න හොද නැති නිසා ඒ මල් ටික කුණු භාජනයට දමා පූජා කරපු මල් වලට අත් තියා දෑත් එක් කරද්දී මගේ දෑස් ඉදිරිපිට ලස්සන සුදු නෙළුම් පොකුරක් ...
මං ඒ ඇස් දිහා බැලුවා.... ඔවු ඒ තරැණයාමයී...
මේ මල් ටික ගන්න...මං නිසා ඔයාට මල් නැති වුනානේ පුජා කරන්න...
ඒත් මං තාම නිහඩයි..
ඒ රැව මං දෙස අවිහිංසක විදියට බැලුවා..
මද සිනාවකින් මං මල් ටික අරන් පුජා කරන ගමන් එයාටත් පුජා කරන්න මල් දුන්නා.. මං ඇස් පියාගෙන බුදුන් වැදලා බලද්දි එයත් දෑස් පියාගෙන බුදුන් වදින හැටි මං දැක්කා..
මං නොකියම එතනින් ආවේ තාමත් ඒ රැව මං එනවා වත් නොදනිද්දීයි..
මද වෙලාවකින් ඒ තරැණයා මා සෙව් බවත් මං නොදැන හිටියා..
කෝ එයා....??
මාව හැමතැනම හොයලා නැති නිසාම පාරෙන් එපිට තිබූ මල් කඩයේ එකිනෙකාගෙන් ද ඔහු අසා තිබුනා..
අපරාදේ... එච්චර අහිංසක කෙල්ලෙක්...
ඔහු අවිහිංසක ලෙස සිතුවා..
එයා නම් ඇත්තටම ලස්සනයි ... ඒ වුනාට ඕවා හීන... ආයෙ සමහරවිට දකින්නත් නැති වෙයී.... තාත්තවත් විශ්වාස නැති වුන එකේ මේ ලෝකේ කිසිම පිරිමියෙක් මට විශ්වාස නෑ...
එහෙම හිතාගෙන මං ඒ රැව මගේ මතකයෙන් අමතක කලා..
මට මතකයී ඒ දවස...,,
අවුරැදු ගණනකට කලින් මං පොඩි කාලේ...,,
එදා තාත්තා ගනුදෙනුවක් කියලා කරලා තිබුනේ ඒ මිනිස්සු න් ගෙන් සල්ලි අරගෙන මාව මිනිස්සු වගයකට විකුණනන ගිය එක...
ඒත් එදා මගේ අම්මා මාව බේර ගන්න ගියා.. එදා තමයි ඇත්තටම තාත්තා මට ආදරේ කලේ බොරැවට කියලා දැනගත්තේ... ඒත් එදා තාත්තා ගත්ත ණය වලටම මාව විකිණුනා...
එදා මං අම්මගේ රෑපෙ දැක්කට පස්සෙ මෙි වේනකම් දැකලා තිබ්බේ නෑ... ඒ මිනිස්සු මාව අරන් ගියේ මට තියෙන ආදරේකට නෙවෙයි සල්ලි බලේ පෙන්නගෙන මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න කියලා මට තේරැණා..
මං දන්නැ හැබැයි එදා මට මතකයි මාව බලෙන් අරන් යද්දි මගේ වාසනාවකට ද කොහෙද එදා ඒ මිනිස්සු පොලීසියට කොටු වුනා.. පුංචි වයසක් නිසා මට එච්චර තේරැණේ නෑ..
මං ගොඩක් ඇඩුවා... ඒත් දන්න කාලේ ඉඳලම මං හැමදේටම හුරැ වුනා... මගෙන් ගෙදර විස්තර ඇහුවම මං කිව්වේ නෑ...මං ආාය් ගෙදර යන්න බය වුනා.....
එහෙම කාලයක් ගෙවෙද්දී මං තරැණියක් වෙන තුරැම හිටියේ ළමා නිවාසයක... මට වඩා පුංචි දරැවන්ට පවා මං ආදරේ කලා.. බලා ගත්තා.. මට මෙහෙම හරි නිදහස් ජීවිතයක් ලැබන එකට මං සතුටු වෙනවා..
අසරණ අයට උදව් කලා.. මං මගේ අම්මව දැක්කේ බුදුන් වහන්සේ ගෙන්.. මං ආගමට ලැදි වුනා...
ඒ අතරේ තමයි හැමදාම දළදා මාළිගාවට යන එන මං අහම්බෙන් තරැණයෙක් ගෙ ඇඟේ හැප්පුනේ...
පුතේ... කියක් හරි දීලා යන්න රත්තරං පුතේ...,
ටවුන් එකට ගිහින් ආයේ ලමා නිවාසෙට යන අතර තුර මට හම්බ වුනේ පාරේ අයිනක හිටපු වයසක මනුස්සයෙක් ...
සීයට කන්න මොනාහරි අරන් දෙන්නද..??
ලොකු පිනක් පුතේ....
ඒ වේදනාව එක්ක මං අසල කඩේකින් බත් මුලක් මිලකට අරන් ඒ වයසක මනුස්සයට දුන්නා..
ඒ එක්කම මං එන්න එද්දීම ඒ වයසක මනුස්සයට සල්ලි ටිකක් එක තරැණයෙක් ඇවිත් දුන්නා..
මේකෙන් සීයාට කන්න කැමති දෙයක් කන්න....
ඒ සිහින් කටහඬ මට හුරැ පුරැදු ගතියක් දැනුණා.
මං ආයෙ හැරැනා... ඔව් ඒ එයා.. මට හිතා ගන්න බැරි වුනා...ඒ එක්කම එයා මං ලඟට ආවෙත් අමුතු ස්වරෑපෙකින්...
හායි...
එයා මට එහෙම කතා කරද්දි මං ගොළු වුනේ කටට වුනපු කෙල ගිලගන්නවත් බැරි වෙද්දී...
ඔයා පිං වැඩ ගොඩක් කරනවා වගේ..
මං ඔළුව වැනුනේ මඳ සිනාවකින් ය.
කොහේද යන්නේ....??
එයා ආයෙම ඇහුවා....
ලමා නිවාසෙට.... මං කීවේ පැකිලෙමින් ය.
ලමා නිවාසෙට..?? ඔහු පුදුම වී ඇසීය.
ඔව්..... මං ඉන්නේ එහේ...
ඔහු පුදුම ව මං දිහා බැලුවා..
හරී... එන්න මං යනගමන් ඩ්රොප් කරගෙන යන්නම්..., ඔහු තම සන්ග්ලාස් දෙක දා ගත්තා.
එපා සර්... මට යන්න පුළුවන් ...
සර්....?? මං ස්කෝලෙක නෙවෙයි වැඩ කරන්නේ..
ස්කෝලෙක වැඩ කරන්න ඕන නෑ... සර් ලත් ලොකු මිනිස්සු වගේ පේනවා... ,, මං ටිකක් වැඩියෙන් යමක් කීවා.
ඔහු සිනාසීය.
එන්නකෝ බය වෙන්නෙපා....
ටිකක් හිතලා ආයෙම මං ඒ සර් ගෙ වාහනයට නැග්ගා..
ඒ යනතුරැ දෙන්නගෙ විස්තර කතා කලා..
මගේ ගෙදර විස්තර වලදී මං කිව්වේ මං අනාථ දරැවෙක් කියලා ..
ඒක අහද්දි ඒ සර් ගෙ මුහුණ මලානික වුනා..
ඒ තමයි රදීශ්...
අපි දෙන්නා දැන අදුන ගත්තා... කාලයක් ගෙවෙද්දී ඒ අඳුන ගැනීම් ඔස්සේ අපේ බැඳීම් දුර දිග ගියා. එයා අපේ ලමා නිවාසෙට ගොඩක් උදව් කරා.. එි කාලේ ගොඩක් ලං වෙලා කියාගන්න බැරි තරමට ම ආදරේ කරන්න ගත්තා..
ඒ ආදරේ ප්‍රතිඵල අපි දෙන්නගේ මැරේජ් එක වෙනකම් ගලා ගෙන ආවත් රදීශ් ගෙ පවුලෙ අය මං ගැන දැනගත්ත ට පස්සේ මට අකමැති වුනා..
රදීශ් මාව මැරි කරන දවසෙයි පාර්ටි එකට එක්ක ආවේ.. රදීශ් ගෙ ගෙදර අය මං ගැන දැනගත්තට පස්සෙ ගොඩක් ප්‍රශ්න වෙඩින් එක ඇතුලෙදී ආවා. ඒ නිසා ම තාම ඒ ප්‍රශ්න එක්ක මේ මිනිස්සු මාව පහතටම දාලා තියෙන්නේ....
ඒත් රදීශ් මං එක්ක එදා ඉඳලා අද වෙනකමි ඉන්නවා... මොනා වුනත්..
ඒ හැම මතකයක් ම සිතිවිල්ලක් ම මං රදීශ් ගෙ පපුවේ ඉඳන් මතක් කලා..
රත්තරං .....
සර්....... , මං අවිහිංසක සිනාවකින් කීහ.
සර්...?? මං කියලා තියෙයි මට සර් කියන්නෙපා කියලා ....
රදීශ් පොඩි දරැවෙක්ට අණ කරා මෙන් මට කීවේ මාව ආයෙම තුරැල් කරගනිමින්..
ඔයා දන්නවද රත්තරං ... ඔයාගෙ පාට තමයි මේ ලෝකේ ලස්සන ම පාට... ඒ වගේ ඔයාගෙ ඔය අහිංසක කම , පිං පාට ඒ දේවල් ලෝකේ ලස්සන ම ඔයා වගේ අයට විතරයි පිහිටන්නේ...
ඔහු මගේ මුණ දෝතට ගත්තා.
ඔච්චර මාව වර්ණනා කරන්නෙපා මගේ මහත්තයෝ...
මං වර්ණනා කරන්නේ මගේ නෝනව.. ඔයා තමයි මගේ දෛවය.. මං එදා දැක්කට පස්සේ පිස්සෙක් වගේ හොයපු රෑපේ.. මං වාසනාවන්තයී.... ඔව් මං වාසනාවන්තයී.....
එහෙම කියාගෙන රදීශ් මාව දෝතට ම අරන් යහනෙන් තිබ්බා. මගේ හුස්ම ටික ටික හිරවෙද්දී ඒ පපුව මගේ පපුව ට තද වුනේ ඒ දෙතොල් මගෙ දෙතොල් සිප වෙද්දීයි...
ඒ ආදරය විඳිමින් මං ඔහුගෙ ආලයට නතු විය.
නිංමිං
මේ මුල් කොටස් 3 දී සමහර තැන් වලදී මං රශ්මි ගෙ අතීතය කතාවේ වර්ථමානය එක්ක ගැලපුවා. ඒක රශ්මි තමන්ගෙ අඳුරැ මතකය යළි සිහිපත් කරනවා මෙන් මං විටින් විට ඇයගේ අතීතය හෙළි කරේ කතාවේ මුල සිට අගටම යන තෙක් සම්පූර්ණ පිළිවෙළක් තියන්න ඕන නිසයී.. රශ්මි අනාථ වීම, රදීශ් ගෙ හමුවීම ඒ හැමදේම මුල් කොටස් වල හෙළි කරේ කතාව කියවන ඔයාලට යම් පැහැදිලි කිරීමක් කරන්නෝන නිසා..අතීතයේ කොටස් එක්ක වර්ථමානය කතාවෙි අගටම වන තෙක් හේතු වන තැන් තියන නිසා එහෙම පළ කරන්න සිද්ධ වෙනවා.. ඔයාලට කතාව කියවන්න පුළුවන් අකාරයට කතාව පළ කරනවා.. ඉතින් හයියක් වෙලා ඉන්න ... ❤❤❤❤