Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Nalin Su Silva level_badge

Nalin Su Silva

Content Writer

Nov 24 2026 @ 18:48

ඉල් පෝය

ඉල් පෝයේ නිල් අහසේ සඳ පායලා
නෙත් මානේ සුන්දර සීලේ රැස් වැහැලා
මල් සුවඳයි, සිත සිසිලයි
පංසල් බිම හරි සුවයයි...

සාධු නාදයයි ධහම් ගුමු ගුමුවයි
සිතේ අඳුර දුර දුරලයි...
බෝ පත් සිලි සිලියයි, පහන් සිළු එළියයි
පංසල් බිම හරි සුවයයි...

සුදු වැලි මළුවේ මෙත් සිතුවිලි පාවෙලා
නිසංසලේ සඳ කිරණේ
ගුවන් තෙරෙන් බුදු හිමි වඩිනව වාගෙයි...

කාලය ගෙවුනා වරුවක් වෙලා
සිත් කරදර නිවුනා ගොන්නක් වෙලා...
යන්නට ලෝබයි, ආයෙත් එන්නම්
මසක් ගෙවිලා එන උඳුවප් පෝයේ...