ගින්දර ඇදලා මදගින්නේ
බත රසට තැම්බුවා අපෙ අම්මා...
බඩගිනිවෙලා පිඟන් අරන්
අපි හිටියා පෝලිමේ එක පිම්මේ...
ඔක්කොම අපි එකටයි
එක ඇඳ පැදුරේ නිදියාගත්තේ...
අම්මගෙ තුරුලට වැදගන්නයි
කවුරුත් එක පිම්මට පැනගත්තේ...
රස සුවඳ එදා අමතක නෑ
තවම සිතේ හමනවා අම්මේ...
රංචුව එකටයි, කවුරුත් නෑ
අදද වෛර ගින්ඳර වැදගත්තේ...
නලින් සු සිල්වා