ආදරයට අයිති සීමාවක් නෑ !
ආදරයට අහිමි හිමිකමක් නෑ !
සිත නවතින තැනක නැවතිලා
නෙත ඉන්නෙ නෑ...
නෙත නවතින තැනක නැවතිලා
ආදරය ඉන්නෙ නෑ...
නෙත සිත ඇදගෙන
තැන තැන යන ආදරය
එක තැනක නැවතිලා ඉන්නෙ නෑ...
ආදරයේ ඇද පළුදු
හොයන්න හොඳ නෑ...
ආදරයේ අඩු-වැඩිකම්
මනින්න හොඳ නෑ...
ජීවිතයක් පුද දෙන්න තරම්
ආදරය වටින්නෙ නෑ...
නලින් සු සිල්වා