විරසකවෙන වාරයක් ගානේ
දුරස්වෙන වාරයක් ගානේ
බැඳුමයි පළුදු වෙන්නේ...
කවදාවත් වෙන් නොවෙමුයි කියලා
දිවුරා දෑතේ පොරොන්දු තියලා
දෙදෙනා කිවු බොළඳ වදන්
අමතක වෙලා...
නොකිව් දේවල් කිව්ව දේවල් වෙලා
නොකළ දේවල් කළ දේවල් වෙලා
සැකයේ මුල් සිතේ පැල වෙලා...
කතා බහ අඩු වෙලා
අතේ දුර තෙගුණයක් වෙලා
තේරුම් ගැනීමත් අරෝවක් වෙලා...