
🩵 *නිම්-නෙතු*🩵 - මෙය එක් කොටසක කෙටිකතාවකි.
- ආදරය සම්පූර්ණයෙන් මියැදුණු සිතක ආදරයට යළ පණදුන් විස්මජනකයෙක් -
⭕ *කතු අයිතිය බුද්ධිමය දේපළක් බැවින් කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗽𝗿𝗮𝗺𝗼𝗱✍️
" මොකෝ සඳලියෝ, උඹ තාමත් නිදිකිරා වැටෙන්නේ...ඇයි ඊයේ නිදාගත්තේ නැද්ද...?"
" නෑනේ නෙතුවෝ..."
" ඈහ්..ඇයි උඹ ඊයේ රෑ ඇහැරන් ඉඳන් උඹේ bf එක්ක මල් කැඩුවද..?"
" අයොයෝහ් අනේහ්...ඊයේ රෑ එයත් එක්ක මල් කඩන්න වුනේ නෑ..."
" ඇයි ඒ...?"
" ඊයේ මගේ crush එක සෙල්ලම්කරන ෆුට්බෝල් මැච් එකනේ.."
සඳලි එහෙම කියද්දි සඳලිගේ මූණේ පැණි බේරෙනවා. නිකම් හරියට "ලියොනෙල් මෙසී" කියන්නේ මේකිගෙ boy friend වගේ තමයි සඳලි හැඩිරුණේ.
" crush එක...?"
" උඹ දන්නවනේ නෙතුවෝ මෙසී කියන්නේ මගේ crush එක..මෙසී සෙල්ලම් කරන ෆුට්බෝල් මැච් එකක් තියෙන දාට මට කන්න ඕනෙත් නෑ කියලා උඹ හොඳට ම දන්නවානේ නෙතුවෝ..."
සඳලි එහෙම කියනකොට මට සඳලිගෙ බෝයි පෙන් පවු කියලා හිතුනා.
සඳලිගෙ බෝයි පෙන් රන්දික හරි හොඳ කොල්ලා. ඌ මේකිට ගොඩක් ආදරෙයි. ඒත් මේකි හිතින් ලව් කරන්නේ රන්දික අයියාට වඩා ආජන්ටිනා ෆුට් බෝල් ටීම් එකේ හැමෝගෙ ම ක්‍රශ් එක වෙලා ඉන්න මේසීට.
" උඹ දන්නවද නෙතුවෝ...?"
" මොකක්ද...?"
" මායි රන්දික අයියයිත් එකතු වෙලා හදනවා ෆුට් බෝල් ටීම් එකක්...මම දැනටමත් රන්දික අයියාට කියලයි තියෙන්නේ මම ඒලෙවල් එක්සෑම් එක කරලා ඉවරවෙච්ච ගමන් අපි මැරිකරමුයි කියලා..මැරිකරලා කොල්ලොම එකොළහක් හදමු කියලා...ඒ එකොළොස් දෙනා අතරට මෙසී වගේ බුලට් එකකුත් ඉන්න ඕනි.."
මේකිගෙ මේ කතාවට කොයිවෙලාවෙත් හිනාවෙන් ඉන්න මට හිනා නොවී ඉන්න නම් බැරිවුනා. ගුලි කාපු ඩයල් එකක් වගේ මම මහ හයියෙන් බඩත් අල්ලන් හිනාවෙන්න ගත්තේ ඒකයි.
" අම්මූ යකූ...තොට ඔල්මාදෙද..?"
"හා, ඇයි දැන් උඹ එහෙම අහන්නේ...?"
" උඹේ ඔය චූටි බණ්ඩිය ඇතුළේ ළමයි එකොළහක් දාගෙන හදන්න ගියොත් උඹ මැරෙයි යකූ..."
මම කිව්වේ සිනාහව අතරමැදින්.
" තෝ හිතුවද මෝඩියේ එකපාර ළමයි එකොළහක් හදනවා කියලා..නෑ යකූ ඒම නෙමෙයි හදන්නේ..පාරින් පාර..."
සඳලි මට කිව්වේ සිනහව අතරින්.
*" පුලුවන්නම් උඹත් දැන්නම කොල්ලෙක් හොයාගනිම්..එතකොට මටයි උඹටයි ඒලෙවල් එක්සෑම් එක ඉවරවෙච්ච ගමන් මැරිකරන්න පුලුවන්...පුලුවන් නම් උඹත් උඹට පුලුවන් විදියට මට සයිඩ් සපෝර්ට් එකක් දියම් මගේ ෆුට් ටීම් එකට..."*
සඳලි ඒ අන්තිම වචන ටික කියලා හිනාවෙනකොට මම ඒකිගෙ අතට පාරක් ගැහුවේ මූණ ලැජ්ජාවෙන් රතුවෙලා යද්දි.
*" උඹ දන්නවනේ හොඳට ම මම ආයෙත් ආදරේ කරන්නේ නෑ..."*
මගේ ඒ වචනවල තිබුනේ කිසිදා වෙනස් නොවන ස්ථීර බවක්.
*" එව්වා හඳේ..උඹත් දවසක මගේ රන්දික අයියා වගේ ලස්සන හැන්ඩියෙක් මැරිකරලා අඩුගානේ ළමයි දුසුම් භාගයක්වත් හදන්න ඕනි..."*
*" ආහ්..උඹ ආස ඇති මම ළමයි දුසිම් භාගයක් හදනවට..."*
*" නැතුව ඉතිම්..කාටද ආඩම්බර මගේ බෙස්ටියාට ළමයි දුසිම් භාගයක් ඉන්නවයි කියන්නේ..නේද..?"*
*" අනේහ් මේහ්...ළමයි හදන්න මම මැරිකරන්න එපැයි..."*
මගේ බෙස්ටි සඳලි මට නිතරම කියන කතාවක් තමයි මට ආපහු afair එකක් පටන්ගන්න කියලා. ඒත් දිනූෂ අයියාට රැවටුණු මගේ සිතේ ආපහු ආදරයක් ඇතිවන එක මේ ආත්මෙ නම් කීයටවත් වෙන්නේ නැති දෙයක්.
ආදරය කියන්නේ රැවටීමක් විතරමයි.
ජීවිතේ එක කාළෙක මම මුළු හදවතින් ම පේවෙලා දිනූෂ අයියාට ආදරේ කළේ. එත් දිනූෂ අයියා මාත් එක්ක යාළුවෙලා ඉද්දිම වෙන afair එකක් පටන් අරන් කියලා දැනගනිද්දි මට මාවම පාළනය කර ගෙන ඉන්න බැරිවුනා.
මාව දාලා යන්න එපා කියලා දිනූෂ අයියාගෙන් වැඳලා ඉල්ලුවත් එයා මාව දාලා ගියා. එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු මේ කෙල්ල දාලා කිසිම හිතක් පපුවක් නැති ගානට එයා යන්න ගියා.
ඊට පස්සෙ මම මගේ හිතේ ආදරය සම්පූර්ණයෙන් ම මරලා දැම්මා
🩵🩵
මම එදා BS ක්ලාස් යන්න ඇන්ඳේ රෝස පාට ටිකක් කොට ගවුමක්. මම සාමාන්‍යයෙන් ආස නෑ කොටට අඳින්න. ඒත් අනේමන්දා එදා එහෙම කොටට අඳින්න හිතුනේ ඇයි කියලා මේ කෙල්ල තාමත් හිතනවා.
ඒත් ඒ හැමදේම වෙන්න ඇත්තේ මොකක් හරි හේතුවකට වෙන්න ඇති කියලා මට අද තේරෙනවා.
එදා මම බස් හෝල්ට් එකේ තනියම හිටියේ සඳලි එනකම්.
*" අහ් නංගී..කොහෙද යන්නේ...උදේ ම හොඳ කළටි ගෙඩියක් කඩන්න වගේ නේද...අපිටත් පුලුවන් හොඳ හැටි කළටි කඩන්න...මොකද කියන්නේ, යමුද හොඳ කළටි පාරක් කඩන්න..."*
දන්නෙ නැති මිනිස්සු දෙන්නෙක් ඇවිත් මට කැත කතා කියන්න ගත්තා. මං දිහා අමුතු විදියට බල බල.
*" මොකක්ද තමුසෙලා දැන් කියන්නේ ආහ්..."*
මම ඇහුවේ මගේ ඉවසීමේ සීමාව බිංදුවට ම නැතිවෙලා යද්දි.
*" ඔහොම රවන කොට ඔයා තවත් ලස්සනයි මැණිකේ..."*
එහෙම කියන ගමන් එතන හිටපු එක මනුස්සයෙක් මගේ අක අතකින් අල්ලගත්තා. එතකොට ම වගෙයි තව යාළුවෙකුත් එක්ක නිම්න අයියා එයාගේ ෆයිසර් බයික් එකෙන් එතනට ආවේ.
ඇවිත් විදුලි වේගයෙන් ඒ මිනිස්සු දෙන්නට ගහන්න ගත්තා. හරියට නිකම් ඇක්ෂන් ෆිල්ම් එකක වගේ.
අන්තිමට නිම්න අයියලාගෙන් හොඳ හැටි ගුටි කාපු ඒ මිනිස්සු දෙන්නා බඩත් අල්ලගෙන දිව්වා
*" නෙතූ, තමුසේ මොකද කියනවා මෙතන කරන්නේ...."*
මං ළඟට ආපු නිම්න අයියා මගෙන් ඇහුවා.
*"අද BS ක්ලාස් අයියේ.."*
*" ඉතින් ක්ලාස් එක මෙතනද තියෙන්නේ ආහ්.."*
*" නෑ අනේහ්..මගේ යාළුවා එනකන් ඉන්නේ මේහ්...."*
*" හරි හරි යාළුවාට කෝල් එකක් දීලා කියනවා ක්ලාස් එකට එන්න කියලා...තමුසේ දැන් එනවා මාත් එක්ක යන්න....මම තමුසෙව ක්ලාස් එකට ඩ්‍රොප් කරන්නම්..."*
මම කිසිවක් ම නො පවසා එයාගේ වචනවලට එකඟ වෙලා බයික් එකට නැග්ගේ හරියට තාත්තා කෙනෙක්ගෙ වචනවලට එකඟ වුනු කුඩා දැරවියක් වගේ.
*" හවසට තමුසෙව ගන්න එන්නේ මං හරිද චූටි දෝණි..මං ඒක අංකල්ටත් කෝල් එකක් දාලා කියන්නම්...."*
නිම්න අයියා එහෙම කිව්වම මගේ ඇස් දෙක ලොකු වුනා. මම එයා දිහාම බලාගෙන හිටියේ හරියට සිහියක් නැති ගානට.
*" මො..මො..ක..ක්..ද අ..අයියේ ඔයා ඒ කිව්වේ...?"*
*" ඇයි තමුසෙට ඇහුනේ නැද්ද මං කියපු දේ..?"*
*" නෑහ් අනේහ් ඇහුනා...ඒත් අර චූටි දෝණි කිව්වේ කාටද..මටද...?"*
*" හ්ම්..ඔව්.."*
*" අනේහ්..මම හරි ආස වචනයක් ඒ...චූටි දෝණි..."*
ඇත්තටම මම "චූටි දෝණි" කියන වචනෙට හරි ආසයි.ඒකයි මම නිම්න අයියාට හරිම සතුටින් එහෙම කිව්වේ
🩵🩵
*" මම තමුසෙට ගොඩක් ආදරෙයි දෝණි...මම තමුසෙට ආදරේ කරන්නේ දැනට අවුරුදු තුනක වෙලේ ඉඳන්..."*
දෙයියනේ, මොනවද මේ නිම්න අයියා දොඩවන්නේ.
*" මොකක්...අවුරුදු තුනක වෙලේ ඉඳන්...මම ඔයාව මුලින් ම දැකලත් දැනට අවුරුදු තුනක් විතර වෙනවනේ අනේ...."*
*" ඔව් දෝණි ඔයාට මතකද අපියි ඔයාලයි කතරගම ගිහිපු ට්‍රිප් එක...එයා මගෙන් එහෙම අහද්දි මම "හ්ම්" කියලා ඔලුව වැනුවේ ඒ ට්‍රිප් එක මට අද වගේ තාමත් හොඳ හැටි මතක නිසා
*" ඒ ට්‍රිප් එකේදි ඔයා කිව්වා නිල් මානෙල් මල් මිටක් ඕනේ කියලා..කිරිවෙහෙරට පූජාකරන්න....එදා ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා නිල්මානෙල් මල් කොහෙවත් ම තිබ්බේ නෑ හොයාගන්න....අපි සෙට් එක ගිහින් නිල් මානෙල් මල් හොයාගෙන ආවේ මාර ගේමක් දීලා...."*
මට තාමත් මතකයි එදා ඒ සිදුවීම.
ඒ මම දිනූෂ අයියාත් එක්ක යාළුවුණු මුල් කාළේ. නිම්න අයියා අපේ තාත්තා ගේ හොඳ ම යාළුවාගේ එක ම පුතා. එදා නිම්න අයියලායි අපියි කතරගම ට්‍රිප් එක ගියේ එකට.
මට ඕන වුනා දිනූෂ අයියාගේ ආදරේ ඇත්තම ආදරයක් ද කියලා බලාගන්න. ඉතින් මම නිල් මානෙල් මල් මිටක් කිරි වෙහෙරට පූජාකරලා බුදු සාදුගෙන් ඉල්ලුවේ එක ම එක දෙයක් විතරමයි. ඒ දිනූෂ අයියාගේ හිතේ මං ගැන තියෙන ආදරේ ඇත්තම ආදරයක් ද කියලා මට පෙන්නලා දෙන්න කියලා විතරමයි. ඊටත් මාසෙකට විතර පස්සේ එයාට වෙන afair එකක් තියෙනවා කියලා දිනූෂ අයියාට එයාගේ කටින් ම කියවුනා.
*" එදා ඉඳන් මම ඔයාට ආදරේ කරන්නේ නෙතූ..."*
*" මොකක්.."*
*" ඉතින් ඇයි අනේහ් මට කිව්වේ නැත්තේ..."*
තනියම ආදරේ කරන එක දුකක් කියලා දන්න නිසාමයි මම පවන් අයියාගෙන් ඇහුවේ.
*" කොහොම කියන්නද දෝණි එතකොටත් ඔයා කෙනෙක්ට ආදරේ කරනවා..."*
*" මට සමාවෙන්න අයියේ...ආයෙම මගේ හිතේ කාටවත් ම ආදරයක් ඇතිවෙන එකක් නෑ....ඒක නිසා ඔයා මට ආදරේ කරන්න එපා....ඔයාට මට වඩා ලස්සන සුරංගනාවියක් වගේ ගෑණු ළමයෙක් ලැබෙයි....ඔයා එයාට පණ ඇරලා ආදරය කරන්න...."*
*" මගේ ආදරේ හරි ප්‍රබලයි නංගි..ඒක එහෙම එක එක්කෙනා වෙනුවෙන් ඇතිවෙන දෙයක් නෙමෙයි....සස්මි මාව දාලා ගියාට පස්සේ මට ඕන වුනේ ඉක්මනට මේ ලෝකෙන් යන්න...ආපහු ජීවත්වෙන්න ආසාවක් ආවා නම් ආවේ ඒ ඔයා නිසා...මට මාව විශ්වාසයි....ආයෙත් මේ හිතේ කවුරුත් වෙනුවෙන් ම ආදරයක් ඇතිවෙන එකක් නෑ...."*
*" ඒත් අයියේ...."*
*" කමක් නෑ පැංචි...ඔයා මට ආදරේ කරේ නැති වුනාට කමක් නෑ....ඒත් ඔයාට පුලුවන් නේද හුස්ම වගේ මගේ ළඟින් ම ඉන්න....."*
*"ම්..."*
නිම් අයියා ගැන මට ගොඩක් දුකයි. ඒකයි මම එයා ඉල්ලපු දේට කැමති වුනේ.
🩵🩵
මම මගේ ෆෝන් එකේ නිම්න අයියා ගේ නම නිම් අයියා කියලා re-save කරා. කරලා එයාගෙ මං ළඟ තිබ්බ ලස්සන ම ෆොටෝ එක එයාගෙ නම්බර් එකට ඇඩ්කරා.
නිම්න අයියා නම් මාර ගැන්ඩියෙක් තමයි. මූණ පුරාම රැවුල වවලා ඉන්න නිසා ඒකෙන් නිම් අයියාගේ අමුතු ලුක් එකක් ඇවිත් තිබුනේ.
" සස්මි ඇයි දන්නෑ, මේ වගේ ලස්සන හැන්ඩි කොල්ලෙක්ව දාල ගියේ...වෙලාවක නිම් අයියාගෙන් ම අහන්න ඕනේ එයාගෙ ආදර කතාව..."
*" ඔයා තාම කාලා නෙමෙයි නේද චූටි දෝණි ඉන්නේ..."*
මට නම් පුදුමයි. මම නිම් අයියාගේ ෆොටෝ එක දිහා බලාගෙන එයා ගැන හිත හිත ඉන්නකොටයි නිම් අයියාගෙන් ඒ මැසේජ් එක මගේ වට්සැප් එකට ආවේ.
මෙයා කොහොමද දන්නේ මම කාලා නැ කියලා. මට නම් හරි පුදුමයි.
*" නෑ අයියේ තාම..."*
*" මෙච්චර වෙලාවක් නොකා මොනවද ඕයි කරන්නේ...."*
නිම් අයියා ඒක නම් ඇහුවේ පුදුම කේන්තියකින්.
"මේ එක්කෙනෙක් ගෙ ෆොටෝ එකක් බල බල මනෝ පාරක් ගහනවා..."
මට හිතුනේ නිම් අයියාට එහෙම කියන්න. ඒත් මං එහෙම කිව්වේ නෑ.
*" නිකම්..."*
*" ඒත් ඔයාට බඩගිනියි දෝණි...යමු ඉක්මනට ගිහින් කමු...මාත් තාම කාලා නෑ..."*
මට පුදුමෙනුත් පුදුමයි නිම් අයියා ගැන. මෙයා කොහොමද මෙච්චර හොඳට මගේ හැඟීම් තේරුම් ගන්නේ.
*" නිම් අයියේ..."*
*" ම්...."*
*" ඔයාට අනුන්ගේ හිත් කියවන්න පුලුවන් නේද හොඳට..."*
*" හැමෝගෙ ම හිත් කියවන්න මට දිවැස් ආවේ නෑ බං තාම....ඒත් මට තමුසෙ ගෙ හිත නම් හොඳට කියවන්න පුලුවන්...."*
නිම් අයියා එහෙම කියද්දි නම් මගේ හිතට සියුම් ආඩම්බර කමක් දැනුනේ "මේ ලෝකේ මාව තේරෙන එක්කෙනෙක් හරි ඉන්නවා" නේද කියන සිතුවිල්ල නිසා.
*" චූටි දෝණි.."*
*" ම්..."*
*" මම ඔයාලගෙ ගෙදර ඇවිත් තාත්තාගෙන් තමුසෙව ඉල්ලන්නද..?"*
එයා එහෙම කියද්දි මගේ ඇඟත් එක්ක සීතල වෙලා ගියා.
*" පිස්සුද අයියේ...එපා..එපා...මම ආයේ කාටවත් ම ආදරේ කරන්නේ නෑ...."*
*" ඒ වුනාට ඔයාගෙ තාත්තාට හැමදාම ඔය බර කරගහන්න බෑනේ..."*
*" ඒ වුනාට මට ආදරයක් එපා ආයෙත්..."*
🩵🩵
*" චුටි..."
*" ම්...."*
මට තාත්ති ආදරේට කතාකරන්නෙ "චූටි" කියලා.
*" මට තියෙනවා ඔයත් එක්ක වැදගත් කතාවක් කතාකරන්න....චුට්ටක් මෙතනින් ඉඳගන්න්වද?"*
*" මොකද්ද තාත්ති..."*
*" ඔයා දන්නවනේ චූටි අපේ ඔෆිස් එක ලබන අවුරුද්දේ වහනවා...ඒත් මට චාන්ස් එකක් ලැබිලා තියෙනවා එයාලගේ ඕස්ට්‍රේලියාවේ තියෙන කම්පැණි එකට යන්න...ඊට කලින් මට ඔයාව බන්දලා දෙන්න ඕනේ...ඔයා දන්නවනේ නිම්න පුතා ගැන...එයා මාත් එක්ක ඔයා ගැන කතාකරා..මාත් කැමතියි චූටි ඔයා නිම්න පුතාව මැරිකරනවා නම්..."*
දෙයියනේ, මොනවද මේ තාත්තා කියවන්නේ. ඒ කියන්නෙ නිම්න අයියා කියපු විදියට ම තාත්තාගෙන් මං ගැන අහලා. පුදුම පිස්සු කෝළ්මක්නේ ඒ.
මටත් නිම්න අයියාට කැමති වෙන්න වුනා.
අද මගෙයි නිම් අයියාගෙයි වෙඩින් එක.
*" කොහොමද මම කිව්ව විදියට ම තමුසේ මගේ ම කර ගත්තනේ...."*
*" තමුසේ නම් මහ හොරෙක් ඕයි..මගේ හිත හරි ලස්සනට හොරකම් කරා නේද කපටියා...."*
𝗧𝗛𝗘 𝗘𝗡𝗗
꧂༺༺༺༺༺༺༺༺༺꧁
කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ..කතාව කියවලා ඒ ගැන අදහසක් දා ගෙන යන්න.