
රෑ යාමේ නිහඬ අහස් කුස යට,
මඳ නළ රැල්ලක සිසිලස විඳිමින්...
සඳ එළිය මගේ පෑන තුඩින් වැගිරී
කවියක් වෙන හැටි අපූරුයි අද නම්.
කාලය කොතරම් වේගයෙන් ගලා ගියත්,
සඳ එළියක තෙමුණු මේ සිතුවිලි
තවමත් ඒ විදිහමයි...
අමතක කරන්නට බැරි තරම් ගැඹුරු,
හදවතටම තුරුළු වූ මතකයක සුවඳ විඳිමින්
✍️ Sachi