Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sachith Pramod level_badge

Sachith Pramod

Member

Nov 15 2026 @ 18:54

සීනි බෝලේ



🩵 *සීනි බෝලේ*🩵 - මෙය එක් කොටසක කෙටිකතාවකි.

-වරද කාගෙද..?-

⭕ *කතු අයිතිය බුද්ධිමය දේපළක් බැවින් කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

written by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗽𝗿𝗮𝗺𝗼𝗱✍️

ලස්සන අහිංසක ආදරේකට තව කෙනෙක් සදහට ම ලෙඩෙක් කරන්න පුලුවන් කියලා කිව්වොත් ඔයාලා විශ්වාසකරනවද..?

ඒක තමයි, ඇත්ත. මගේ නම පවන් , එයාගේ නම හිමංසි.

අද ගෙවන මේ ජීවිතේ මට උරුමවුනේ හිමංසි නිසා , හිමංසිගෙ ලස්සන අහිංසක ආදරේ නිසා. මම දන්නවා, මගේ අතෙත් වැරදි තිබ්බා, ඒත් එයාට තිබ්බා මාව තව එක ම එක පාරක් විශ්වාසකරලා මට සමාව දීලා මාත් එක්ක ඉන්න.

මම මේ ඔයාට මෙතන ඉඳන් කියන්නේ මගේ කතාව. මාව ලෙඩෙක් කරපු ඒ ලස්සන , අහිංසක ආදර කතාව. ඉතින් කතාව කියවලා ඔයාම තීරණය කාරන්න වරද කාගෙද?


✨✨✨✨✨✨✨✨✨

*" මචං පවනයා...අර අර බලපන්කෝ..උබ දැක්කද ඒකිගෙ ලස්සන..හරියට ආපස්සර බඹ ලොව ඉඳන් සුළඟකට මේ ලෝකෙට ගහගෙන ආපු සුරංගනාවියක් වගේ පුදුම ලස්සනක්නේ බං ඒකිගේ තියෙන්නේ...බලපන්කෝ ඒකි ගේ ෆිගර් එක විතරක් පුදුම ලස්සනක්නේ තියෙන්නේ...පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..."*

අපේ ඉස්කෝලේ උසස් පෙළට අලුත් නැව ආපු දවසේ කඩියා කිව්වේ හරක් හොරෙක් දිහා බලනවා වගේ ඒ කෙල්ල දිහාම බලාගෙන.

*" උඹ කියන කතාවත් ඇත්ත තමයි කඩියා...උඹ හිතන්නේ මං වගේ හැන්ඩියෙක්ට සීනි බෝලයක් වගේ ලස්සන ඒ කෙල්ල ටෝක්කර ගන්න බැරිවෙයි කියලද...?"*

*" හහ්, තෝ වගේ උණහපුලුවෙක්ට ඒ වගේ ලස්සන මලක්...නෑ නෑ මම නම් කීයටවත් හිතන්නෙ නෑ...තෝ වගේ බුවෙක්ට ඒ වගේ ලස්සන මලක් කීයටවත් අයිතිකර ගන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ..බලපන්කෝ උඹේ මූණේ හැටි විතරක්..හරියට නිකම් මුගටියෙක් ගෙ වගේනේ...ඉතින් මම නම් කීයටවත් හිතන්නේ නෑ උඹ වගේ ඩයල් එකකට ඒ වගේ ලස්සන මලක් අයිතිකර ගන්න ලැබෙයි කියලා.."*

*" ඒකි මලක් නෙමෙයි යකූ...ඒකි නිකම් සීනි බෝලයක් වගේ...."*

මම කිව්වේ ඒ කෙල්ල දිහාම බලාගෙන හිනාවෙන ගමන්.

*" අනේහ් අල ගෙඩිය...ඒකි සීනි බෝලයක් නෙමෙයි යකූ...ඒකි මලක් ලස්සන ම ලස්සන රෙබරෝසියා මලක්..."*

කඩියා කිව්වා.

*" නෑහ් නෑහ්...අර අර..ඒකිගෙ ඇස් දෙක දිහා පොඩ්ඩක් බලාම්...ඒකිට තියෙන්නේ ගොඩක් සෙන්සිටිව් ඇස් දෙකක්...රෙබරෝසියා මලක් පරවෙනවට වඩා වේගෙන් කටේ දාලා උරන සීනි බෝලයක් දියවෙනවා නේද...අන්න ඒ වගේ තමයි ලස්සන sensitive ඇස් දෙකක් තියෙන කෙල්ලෙක් ගේ ඇස්වලින් සතුටට වගේ ම දුකටත් ඉක්මනට ම කඳුළු පිරෙනවා..."*

මම කිව්වෙ ඒ ලස්සන සීනි බෝලේ ඇස් දෙක දිහා බැලුවම මට තේරෙන දේ.

*" ඇයි උම්බ රස පරීක්ෂක කෙනෙක් ද...කෙල්ලෙක් ගෙ ඇස් දෙක දිහා බලලා ඒ තරම් අනාවැකි කියන්න..."*

එතන ඉඳපු තව කොල්ලෙක් මගෙන් එහෙම ඇහුවේ උපහාසයෙන් වගේ මට හිනාවෙලා.

*" මට ඒවා වැඩක් නෑ මචංලා..කොහොම හරි මුලින් ම ඒ කෙල්ලව ටෝක්කරන්නේ මම...මට ඒ කෙල්ලව ටෝක් කරන්න දවස් දහයක් ඕනේ...ඒ දවස් දහය ඇතුළත මට ඒ කෙල්ලව ටෝක්කර ගන්න බැරිවුනොත් මම මේ සීන් එකෙන් අයින් වෙනවා....ඊට පස්සේ උඹලා ඕන එකෙක් ඒ කෙල්ලව ටෝක්කර ගනින්...මම ඒ කෙල්ල ඉන්න පැත්තවත් බලන්නේ නෑ...."*

මම අපේ ක්ලාස් එකේ ඔක්කොම පිරිමි ළමයි ඉන්න තැන කිව්වේ දැඩි අදිටනින්.

*" හරි, මොනාද ඔට්ටු..."*

මගෙන් එහෙම ඇහුවේ එතන ඉඳපු බට්ටා.

*" රුපියල් එක්දාස් පන්සීයක් ඔට්ටුයි..."*

මම කඩියාට කිව්වේ මට මේ දවස්වල රුපියල් එක්දාන් පන්සීයක් ඕනවෙලා තිබුණු නිසා.

මම ඒ දවස්වල තදින් ම සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වෙලා හිටියේ. 888starz කියලා beting app එකක් තියෙනවා. මගේ විනෝදාංශය වෙලා තිබුනේ ඒ betting app එකේ ක්‍රිකට් මැච් වලට ඔට්ටු අල්ලන එක. ගොඩක් වෙලාවට මම අල්ලන ඔට්ටු දිනනවා.

*" එක්දාස් පන්සීයක් මොකක්ද යකූ....අල්ලන එකේ රුපියල් දෙදහක් ම අල්ලමු...."*

බට්ටා කියපු ඒ කතාවට මම එකඟ වුනේ ඒ ලස්සන සීනි බෝලේ යාළුකර ගන්න පුලුවන් කියන විශ්වාසය මගේ හිතේ තදින් ම තිබුණු නිසා.

✨✨✨✨✨✨✨✨✨✨✨

මගේ යාළුවෝ හැමෝම හිතුවේ මට මගේ සීනි බෝලේ යාළුකර ගන්න බැරි වේවි කියලා. ඒත් මට කියන්න සතුටුයි හිතෝතුණි, සතියක් යන්නත් කළින් මට මගේ සීනි බෝලේ යාළුකර ගන්න පුලුවන් වුනා.

✨✨✨✨✨✨✨✨✨✨✨

*" ඔයා අද හරි ලස්සනයිනේ පැටියෝ ..හරියට හිමහංසියෙක් වගේ..."*

මම කිව්වේ හිමංසි ඇඳන් හිටපු ලස්සන සුදු ගවුම දිහා බලලා.

*" අයියෝහ් පවන්..."*

*" ඇයි...?"*

*" ඔයා මට එක වෙලාවකට සීනි බෝලේ කියනවා...තව වෙලාවකට පැංචි කියනවා...තව වෙලාවකට සුද්දි කියනවා..."*

*" ඉතින් මම ඒ ඔක්කොම නම් කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ මැණිකේ...."*

මම හංසිට කිව්වේ, එයාගෙ නිකටෙන් අල්ලලා ආදරෙන් දෙපසට හොලවන ගමන්.

*" මීහූ....එහෙම බෑහ්...."*

*" එහෙනම්...."*

*" මට එක නමක් කියලා කතාකරන්නකො අනේහ්..."*

*" එහෙනම් මම ඔයාට පැංචි කියලා කතාකරන්නද...?"*

*" මීහූ එපා..."*

*" එහෙනම්..."*

*" මම ආස ඔයා මට සීනි බෝලේ කියලා කතාකරනවට...ඒක නිසා මට ඔයා සීනි බෝලේ කියලා කතාකරන්න..."*

හිමංසි කිව්වේ, හිනාවෙලා හරිම හුරතල් තාලෙට.

එක පාර ම මම මගේ තොල්වලින් හිමංසිගෙ නළලට කිස් එකක් දුන්නේ හදවත කඩාගෙන යන තරම් උතුරායන ආදරයක් මට මගේ සීනි බෝලේ ගැන දැනුණු නිසා.

🩵 🩵 🩵

මගේ සීනි බෝලෙට තිබුනා ස්කුටි බයික් එකක්.

*" ආහ්, දැන් ඔහොම කරාම හරිද මහත්තයෝ ආහ්..."*

හිමංසි මගෙන් ඇහුවේ බයික් එකෙන් බැහැලා ඉණට එයාගේ අත් දෙකත් තියාගෙන.

*" ඇයි...?"*

*" ඇයි අහන්නේ....හිතන් ඇති බයික් එකේ සැපට සැපේ මගේ පිටිපස්සට වෙලා යන්න...."*

*" හේ හේ ඉතිම් කොල්ලගෙ ආසාවනේ..."*

*" ඒ වුනාට එහෙම කැතයි අයියෝහ්....ඔයා බයික් එක ගන්න...මං ඔයාගෙ පිටිපස්සෙන් බගින්නම්...."*

එදා මුලින් ම අපි දෙන්නා පන්සල් ගියේ එයාගෙ ස්කූටි එකේ.

*" අනේ පවන් මම ආසයි මේ බුදු ගේ ඇතුළේ තියෙන ලස්සන පින්තූර බලන්න...අපි යමුකෝ..."*

හිමංසි කිව්වේ මගේ එක අතක එල්ලෙමින්.

*" ඔයා බෝඩිමටත් යන්න ඕනේ නේද...ඔයාට පරක්කු වෙන්නේ නැද්ද ළමයෝ..."*

හිමංසි ඒ දවස්වල අපේ ඉස්කෝලෙට ආවේ රෝසි නැන්දගේ බෝඩිමේ නතරවෙලා ඉඳන්.

*" නෑහ් අනේහ්..බෝඩිමේ ඇන්ටි මගේ හොඳ යාළුවා..ඒක නිසා කීයට ගියත් බෝඩිමේ ඇන්ටි මට මොකුත් ම කියන්නෙ නෑ...අනික ඇන්ටි දන්නවා මම කොහේ ගියත් යන්නේ ඔයත් එක්ක තමයි කියලා.."*

*" අම්මෝහ් පැංචි ..ඔයා නම් පුදුම සීනි බෝලයක් තමයි ඉතිම්..."*

*" හා, ඇයි දැන් එහෙම කියන්නේ...?"*

*" නෑ, ඔයා ඒක බෝඩිමේ ඇන්ටිටත් කිව්වද..?"*

*" ඔව් අනේහ්, නැතුව ඉතින්....මම ආස නෑනේ ඔය වෙන කෙල්ලො වගේ හැංගි හැංගි ආදරේ කරන්න...මට ඕනේ මුළු ලෝකෙට ම පේන්න මගේ සුද්දාට ආදරේ කරන්න...හැමෝට ම පේන්න මගේ සුද්දගෙ අතින් මේම අල්ලන් ඇවිදින්න..."*

හිමංසි මගේ එක අතක් එයාගෙ එක අතකින් බදාලා අල්ලගෙන මාත් එක්ක ම ටිකක් දුර ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කිව්වේ.

*" අනේහ් ඉතින් මටත් හම්බුනේ හරිම සුකුරුත්තමක් තමයි ඉතින් නේද..?"*

මම කිව්වේ මගේ සීනි බෝලෙගේ නහයත් මිරිකලා හරිම ආදරෙන්.

*" හරි හරි සුද්දෝ කතාව නවත්වලා දැන්වත් යමුද අපි බුදු ගේ ඇතුළේ තියෙන ලස්සනම ලස්සන පින්තූර බලන්න..."*

එහෙම කියලා සීනි බෝලේ මගේ අතකිනුත් ඇදන් බුදු ගේ ඇතුළට ගියා.

එයා හරිම ආසාවෙන් මාත් එක්ක පන්සලේ බුදු ගේ ඇතුළේ තියෙන පින්තූර බැලුවේ.

*" අනේහ් පවන් අර අර...ඔයා දැක්කද අර පින්තූරේ..?"*

සීනි බෝලේ මගේ ළඟට තවත් කිට්ටුවෙලා බොහොම දුකින් මගෙන් එහෙම ඇහුවේ.

*" ඔව් මැණිකේ මම දැක්කා...ඒ නන්ද කුමාරයා මහණවෙන්න යනවා..ජනපද කළ්‍යාණිය දුකින් බලන් ඉන්නවා..."*

*" අනේ ඉතින් ඔයාට හිතෙන් නැද්ද පවන් ඒ කෙල්ල පව් කියලා..?"*

*" පව් තමයි ඉතින්..පව් කියලා ඔයයි මායි මොනා කරන්නද මැණිකේ...?"*

*" අනේහ්..."*

*" ඇයි...?"*

*" කියන්න පවන්, ඔයාට පුලුවන්ද මාව ඒ වගේ දාලා යන්න..."*

*" බෑ මැණිකේ, මට නම් කීයටවත් බෑ...එහෙම ඔයාව දාලායන්න..."*

*" දාලා යන්නත් එපා හරිද..දාලා ගියොත් මම ඔයාව මරණවා පවන්....මම ඔයාවත් මරලා මාත් මැරෙණවා පවන්..."*

එයා කිව්වේ මම ඇඳන් හිටපු ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා හොලවන ගමන්.

*" හැබැයි ඔයා මාව දාලා යන්නත් එපා සීනි බෝලේ...එහෙම වුනොත් මට ගොඩක් දුක හිතෙයි..."*

*" ඔයා හිතනවද පවන් ඔයා නැති ජීවිතයක් මට තියෙයි කියලා....නෑ පවන් කීයටවත් නෑ....ඔයා නැති ජීවිතයක් ගැන මට හිතන්නවත් බෑ...."*

*" ඒනම් ඔයත් මට පොරොන්දුවෙන්න.."*

*" ඔයා ප්‍රොමිස් පවන්....මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ....මට එහෙම කරන්නත් බෑ..ඔයා මට ආදරේ කරන තරමට ම සමහරවිට ඊටත් වඩා මේ කෙල්ල ඔයාට ආදරෙයි දෙයියනේ.."*

හිමංසි එහෙම කියද්දි එයාගෙ ඇස්වල කඳුළු දිලිසුනා.

කවදාවත් මාව දාලා යන්නේ නෑ කියලා මට පොරොන්දු දීපු මගේ සීනි බෝලේ වෙනස්වෙන්න වැඩි කාළයක් ගියේ නෑ.

මගේ යාළුවෝ අපි දෙන්නා ආදරෙන් ඉන්නවා බලාගෙන ඉන්න බැරුව හිමංසිට මගේ යාළුවො ම කියලා තිබ්බා එයත් එක්ක මම යාළුවුනේ ඔට්ටුවකට කියලා.

*" ඔයාට මගේ ආදරේ විහිලුවක්ද පවන් ආහ්...?"*

*" ඇයි හිමංසි ඔයා මගෙන් එහෙම අහන්නේ..?"*

*" අනේහ් නිකම් තොත්ත බබෙක් වෙන්න හදන්න එපා මෙතන...මම ඔක්කොම දැනගෙන මේ කතාකරන්නේ.....ඔයා මාත් එක්ක afair එක පටන්ගත්තේ යාළුවොත් එක්ක අල්ලපු ඔට්ටුවකටලු නේද..?"*

*" ඒක ඇත්ත, ඒත් මං කියන දේ චුට්ටක් අහන්න හිමංසි...එදා මං ඔයත් එක්ක යාළුවුනේ යාළුවොත් එක්ක අල්ලපු ඔට්ටුවකට වුනත් මං ඔයාට ඇත්තට ම අවංකව ම ආදරේ කරා..ප්ලීස් මාව තේරුම් ගන්න."*

*" අනේහ් පවන් මේහ්..තවත් එන්නෙපා මෙතන බොරු කියන්න...මට ඔයා කියන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ තව....මගෙයි ඔයාගෙයි මේ සම්බන්දේ අදින් ඉවරයි..මීට පස්සෙ තමුසේ මගේ ඇස් දෙකටවත් පේන්න එන්න එපා..."*

*" අනේ හිමංසි මාව දාලා යන්න එපා..මට ඔයා නැතුව ජීවත්වෙන්න බෑ..."*

මම මගේ පණටත් වඩා ආදරේ කරපු මගේ සීනිබෝලේ මේ ලෝකේ මාව තනිකරලා දාලා යන්න ගියා.

එදායින් පස්සෙ මම මානසිකව ගොඩක් වැටුනා. මිනිහෙක් මානසිකව වැටෙන්න පුලුවන් අන්තිම අඩියට ම මම වැටුණා. කොටින් ම කිව්වොත් මම ලෙඩෙක් වුනා.

මට මහන්සිවෙලා වැඩක් කරන්න බෑ එකපාරට ම කළන්තෙ හැදෙනවා.

අන්තිමට මගේ සීනි බෝලේ වුණත් විශ්වාස කරේ මම නෙමෙයි මගේ යාළුවො කියපු දේ. මගේ සීනි බෝලෙට වුනත් තිබුනා මම කියපු දේ විශ්වාසකරලා එක ම එක පාරක් හරි මට සමාව දෙන්න. ඒත් එයා එහෙම කරේ නෑ.

*THE END*

꧁༺༺༺༺༺༺༺༺༺꧁

කතාව ලස්සනයිද..? ඒනම් රිඇක්ට් එකක් දාගෙන යන්න