Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Anu � level_badge

Anu

Content Writer

Nov 15 2025 @ 20:14

ඔයා ඇඳල ගියපු... සිද්ධි



මුහුදු වෙරළට ආසයි නෙ නුබ

හවස කරුවල වෙද්දි✨


එයත් එක්කලා යන්න පුලුවන් 

ඉස්පාසුවක් එද්දි👥


එහෙම හවසක මුහුදු වෙරලක

ඔයා සතුටින් ඉද්දී😊


මතක් වේවිද අප අතර වුන
 
සතුට දනවපු සිද්ධි🤍


බැරි වෙලාවක් මතක් වුනොතින්

එහෙම ලස්සන සිද්ධි🌈


වැල්ලේ කොහේ හරි ඇදල එනවද

රැල්ල ආපහු යද්දි🌊


පහුවදා මං වෙරලේ ඉන්නම් 

උදේ ඉර පායද්දි🌝


හැමතැනම වෙරලේ හොයන්නම්

ඔයා ඇදල ගියපු....


 අපේ ලස්සනම සිද්ධි🥺🫀🫂