*දැනිලා තියෙනවද*
තමන්ට ඕනම වෙලාවේ තමන්ට කියලා කවුරුත්ම නැතුව තනිවෙලා ඉද්දි දැනෙන වේදනාව..😗
මේ ගෙවෙන්නේ ජීවිතේ මහ අමාරු දවස්.. විභාගෙට එන්න එන්න ලං වෙද්දි මේසේ උඩ පාඩම් කරන්න ඉතුරු වෙච්ච නෝට්ස් , අල්ලාවත් නැති පේපර් ටියුට් , ෆෝල්ඩස් පිටින් පිරිලා තියෙන රෙකෝඩින් .. උදේ ඉදන් රෑ වෙනකම් මේ අස්සේ හිරවෙලා ගෙවන මේ දවස් දරාගන්න හරි අමාරුයි..
ඔළුව පුපුරන්න වගේ , පපුව ඇතුලෙන් එන කැක්කුම එක්ක හුස්ම අල්ලන් ඉන්නේ හරි අමාරුවෙන්..
මට හරි පාළුයි , හරි වේදනයි.. මේ ගෙවෙන්නේ හරි කාලකණ්නි දවස්..
පැය දෙකක් තුනක් ඔහේ ෂවර් එක යටට වෙලා ඉන්නේ ගෙදර අය ඉස්සරහ පෙන්නන්න බැරි කදුළු ඔහේ දිය කරලා අරින්න.. ඇස් දාර වටේ කළු වෙනකම් රෑ නිදි මරන්නේ ඇයි කියලා මං වත් දන්නෑ.. සමහර විට අනාගතේ ලස්සනට ගෙවන්න ඕන නිසා වෙන්න ඇති..
ආනාගතයක් ,... වර්තමානයක්වත් නැති මට අනාගතයක් ගැන හිතන්න පුළුවන් ද , කදුළු ඔහේ ගලනවා හේතුවක් නැතුව..
මේ ගෙවෙන තප්පරෙත් හරි වේදනයි..
වෙලාවකට මට මගේ අත කපාගෙන කපාගෙන යන්න හිතෙනවා.. තවත් වෙලාවක බෙහෙත් අහුරක් කටට දාගෙන ගිලින්න හිතෙනවා..
මං දන්නෑ.. ඔව් සමහර විට මට පිස්සු වෙන්න ඇති..
මට ඕන මේ දැනෙන දේවල් කාටහරි කියන්න.. ඒත් කාටද.. කවුද මට ඉන්නේ..
දෙමාපියෝ.. නෑ එයාලාට මාව ඇහුකම් දෙන්න වෙලාවක් නෑ..
යාළුවෝ.. ඒම අය ඉන්නවා.. ඒත් ඕන වෙලාවකට කවුරුත්ම නෑ..
ඒ වෙලාවට මං මාත් එක්කම කතා කරනවා..
උදේ ඉදන් රෑ වෙනකම් බිත්ති හතරකට කොටු වෙලා බයෝ , ප්‍රිසික්ස් , ක්‍රෙමෙස්ට්‍රී එක්ක දුවන ජීවිතේ මට තිත්ත වෙලා..
ඒත් කවුද මට ඇහුකම් දෙන්නේ , කවුරුත් නෑ..
දරාගැනීමෙත් සීමාවක් තියෙනවා .. සමහර විට මේ මගේ ජීවිතේ ගෙවන අන්තිම මොහොතවල් වෙන්න ඇති.. මට ඕන මේ දැනෙන කාලකණ්ණි හැගීම් වලින් පැනලා යන්න..
මට හරි මහන්සි..
ඒත් .. ඒත් කෝමද..
බෑ..
මං පරාජිතයෙක් විදියට මේ හැමදේම දාලා පැනලා යන්නේ..
මං දරාගන්නම ඕන.. කවුරුත් ඕනි නෑ.. මට මාව හිටියාම ඇති..
ඔව් ලස්සන වර්තමානයක් නෑ.. ඒත් අනාගතේ ලස්සන වෙන්න පුළුවන් ..
ජීවත් වෙන්න .. වේදනයි තමා..
කවුරුත් නැති ජීවිතේ මෙච්චර කල් මාව ඇහුකම් දුන්නේ මං මයි..
ඉතින් මං මම වෙනුවෙන් ජීවත් වෙනවා..
ඔව් *මං මටම ආදරේ කරනවා..💯❤️🩹*