Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Tharun Rajapaksha level_badge

Tharun Rajapaksha

Member

Nov 25 2026 @ 20:24

⏳කාලයේ මිරිඟුව...✍️

ලස්සනම මල් නෙළමින්,
සුවඳින් මත් වී,
රාගයේ වර්ණවලින් ඇස් අන්ධ කරගෙන
අපි ජීවිත උයනේ ඇවිද යන්නෙමු...🚶‍♂️🚶‍♂️

"තව එක මලක්... තව එක මලක්..."
සිත සෑහීමකට පත් නොවන මොහොතක,
අපටත් නොදැනීම
නිදා සිටින ගම්මානයක් යට කරගෙන
මහා ජල කඳක් ගලා එන්නාක් මෙන්,
'මරණය' නම් වූ ඒ නිහඬ රළ පහර
අපවත්, අප නෙළූ මල් පොකුරත්
එකවර ගිල ගනී.🥀🥀

මල් නෙළන්නට පෙර
උයනේ අනිත්‍ය බව දකින්න;
නැතිනම් ජීවිතය අවසන් වන්නේ
හිස් දෑතින්ම පමණි!✨️✨️




<<< ධම්මපදය - පුප්ඵ වග්ගය >>>