Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Tharun Rajapaksha level_badge

Tharun Rajapaksha

Member

Nov 25 2026 @ 20:35

🪞කැඩපතේ රැවටීම...✍️

ලෝකය අඳුරු යැයි කියමින්
අපි පහන් නිවා දමමු
මිනිසුන් කුරිරු යැයි කියමින්
අපි හදවත් වසා දමමු...

නමුත් කැඩපත ඉදිරියේ සිට
ප්‍රතිබිම්බයට ගල් ගසන මිනිසෙකු සේ
අපි අපේම සිතේ ඇති කිළිටි බව
පිටත ලෝකයෙන් දකිමු...

ඇස පියාගෙන ඇතුළත බලන්න
කැඩපත පිරිසිදු වූ දාට
මුළු ලෝකයම
පිවිතුරු නෙළුම් විලක් සේ දිස්වනු ඇත...



••••ආනන්ද සූත්‍රය, ඵේණපිණ්ඩූපම සූත්‍රය, අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය උපනිශ්‍රයෙනි...✍️••••





{❗වචන පදවල නොපැටලී එයින් ගම්‍යවන අදහස වටහා ගැනීමටම නුවණ මෙහෙයවමින් මනාව උත්සහා කරන්න.}