
කෙළින්ම කතාවට එමු.. වර්ථමානයේ ගොඩක් දෙනෙක් නිසඳැස් වලට & පුංචි වචන පේළි ටිකකටත් "කවියක්" කියනවා..
කවිය කියන්නෙ ඒ පදපේලි ඇතුළට රිංගලා අපේ පෞද්ගලික අත්දැකීම් , රසාස්වාදය එක්ක රසවිඳින්න පුළුවන් ගැඹුරු art piece එකක්.. ඒක ඇත්තටම ගැඹුරු දෙයක්.. මම මෙහෙම කියන්නම්කො..
⭕ අපි චිත්‍රපටයක්, music video එකක් රසවිඳිනකොට ඇස් වලින් බලලා කන්වලින් අහලා රස විඳිනවා.. 100% ක් නිර්මාණකරුවා පෙන්නන දේත් එක්ක තමයි අපි ඒ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය රසවිදින්නෙ..
⭕ අපි සුපිරි story game එකක් play කරනකොටත් ශ්‍රව්‍ය දෘශ්‍ය වගේම ප්‍රායෝගිකවත් අපෙ අත් / ඇඟිලි මොහයවලා game එක play කරලා තමයි ඒ game එක රසවිඳින්නෙ.. නිර්මාණකරුවා අපට එයාලගෙ නිර්මාණය ඇතුළෙ විධි ගොඩකින් උත්සහා කරන්න අවස්ථාව දෙනවා.. නිර්මාණකරුවා හදපු දේ ඇතුලේ අපේම දෙයක් කරන්න 30% විතර අවස්ථාවක් තියනවා.
⭕ අපි සිංදුවක් , රේඩියෝ නාට්‍යයක් රසවිඳිනකොට කන් දෙකෙන් අහලා ඒ ඇහෙන සංගීතය, ශබ්ද, කතාබහා අපේ imagination එක්ක කලවම් කරගෙන හිතින් රසවිඳිනවා.. එතනදි නිර්මාණකරුවා කරපු දේ ඇතුළෙ 50% ක් අපිම මවාගත්ත දෙයක් (සම්පුර්ණයෙන්ම දෘශ්‍ය පැත්ත) අත්විඳින්න අවස්ථාව තියනවා...
⭕ ඊගාවට පද්‍ය කවිය.. මෙතනදි අපට නිර්මානකරුගෙන් ශ්‍රව්‍ය නැහැ, දෘශ්‍ය වෙන්නෙ කවියෙ අකුරු, වචන විතරයි.. එතනදි නියමාකාරයෙන් කවිය රසවිඳින්න නම් අපට සිද්දවෙනවා ඒ කවිය අපේම හිතට එන රිදම් එකකට බැලන්ස් කරලා හිතින් කියවන්න & කවියෙන් කියවෙන දේ / කවියෙන් ව්‍යංගාර්ථයෙන් කියවෙන දේ හිතින් මවාගන්න.. එහෙම රසවිඳීමකටනම් නිර්මාණකරුවාගේ පදපේළි ඇතුළෙන් අපේම දෙයක් දකින්න 70% - 90% වගේ අවස්ථාවක් ලැබෙනවා.. ඒ නිසා පද්‍ය කවි වලට අපේ ඔළුව ඇතුළෙ සෑහෙන්න විප්ලවයක් කරන්න පුළුවන්..
අමතරව :
ගද්‍ය කවි වලත් මේ ළඟම යනවා හැබැයි ඒවා පද්‍ය කවි තරම් සංකීර්ණ නැහැ.. සරල රිදම් එකක් එක්ක / කතාවක් ගලාගෙන යන විදිහට හිතින් කියවන්න පුළුවන් වගෙම හිතින් මවාගෙන රසවිඳින්නත් පුළුවන්... ගොඩක් ව්‍යංගාර්ථ නැහැ... මේ කාරණාව නිසාම තමයි වර්ථමානයේදි කවි පොත් වල පද්‍ය කවි වලට වඩා ගද්‍ය කවි වැහිවැහැලා තියෙන්නෙ..
- #EraNga (එරා)
05/01/2026