කාලයකට පෙර මා
දේදුන්නක් ලඟ
නැවතුනා...
ඉඳුල් නොකරම දුරින් ඉදගෙන
ආලයෙන් සිත
ලතැවුනා...
හැඬු කම්පා සිතට
යටවී,
නුඹේ සිතට මා සිත
ලංවුනා...
වැටුණ වැහිදිය නොමැති
වු කල නුඹේ මායාව
නැවතුනා...
මගේ ලෝ කුඹ
සකල එලිකල
හිරුව
මා හට නොපෙනුනා...
-J-