Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Sethu � level_badge

Sethu

Member

Aug 14 2024 @ 01:24

රැ අහස



ඇත්තෙන්ම එය අමාවකකි... අන්ධකාරයේ විශාල වපසරියක් අපට ඉහළින් නිමක් නැතිව විහිදි ඇත. පෙර අධිපති වූ සඳ නොමැති හෙයින්,තාරකාවන් උත්තරීතර ලෙස රජකම් කරන්නේ අහස පුරා විසිරී ඇති දියමන්ති මෙනි. එකදු වලාකුළක් වත් නැති අහසේ විශ්වයට එහි පූර්ණ තේජස විදහා දක්‌වමින් වැජැඹෙනනේ පරිසරය ගැඹුරු නිශ්ශබ්දතාවයකට ඇද දමමිනි... ඉඳහිට පියඹා යන නිශාචරයෙක් වීනා අන් කිසිවෙකු මෙහි නැත... හමා එන රාත්‍රියේ සිසිල රැගත් එ සිතල සුළඟ... අපේ ගත්ත සිතත් තව තවත් ප්‍රමෝදයට පත් කරන්නේ ශරීරයට අපූරු සංවේදනයක් දෙමිනි.