මිනිස්සුන්ට හැම වෙලේම ලග තියෙන ලග ඉන්නකොට ඒ දේ වටිනාකම ටික ටික අඩුවෙලා ඒක සාමාන්‍ය දෙයක් වෙලා යනවා.
එක මිස්ස්නුන්ගේ හිත්වල හැටිය. එක මිස්සුන්ගේ මනස හැදිලා තියෙන විදිය.
දෙයක් ලබගන්නකම් ඒ දෙය ගැන ගොඩක් හිතනවා,ගොඩක් හොයනවා, ඒ දේට ගොඩක් ආසා කරනවා
එත් ඒ දේ ලැබුනට පස්සේ... ඒ දේ එයාට කලින් කොච්චර වටිනා දෙයක් උනත් ලැබුනට පස්සේ එකත් නිකම්ම නිකම් සාමාන්‍ය දෙයක් වෙනවා, මුලින් තුබුණු වටිනාකම නැති වෙලා යනවා.
මිනිස්සු අතර තියෙන සම්බන්දතා උනත් 99.9999999999% එහෙම තමයි. කොච්චර වටිනා, කොච්චර හොද කෙනෙක් උනත් ඒ කෙනා ලැබිල නම් තියෙන්නේ... ඒ කෙනාගේ වටිනාකම කාලය එක්ක අඩු වෙනවා.
ඒ කෙනා තව තවත් වැඩියෙන් හොයන්න කරන්න එනවා නම්... ඒ කෙනාගේ වටිනකම තව තව අඩු වෙනවා... තව තව අඩු වෙනවා...
ඉතින්මේ ලෝකයේ තියෙන්නේ හැම දෙයක්ම ගනුදෙනු වෙද්දී...
ඇයි තමන්ට වටිනාකම අඩු දේවල් තියාගෙන ඉන්නේ... ඇයි වටිනාකම අඩු දේවල් වලට මුල්තැන දෙන්නේ... ඉතින් ටික ටික තැන අඩුවෙනවා... වටිනාකම අඩු දේවල් ටික ටික ප්‍රතික්ෂේප වෙනවා... මගාරෙනවා... මගහරිනවා... අතහැරෙනවා...
එහෙම නොවෙන එකම බැදීමයි මම දැක්කේ. ඒ දෙමව්පියන්ගේ ආදරය....
තවත් පරම පිවිතුරු කොන්දේසි විරහිත බැදීම් මේ ලෝකේ ඇති. හැබැයි මම දැකල නැහැ.