Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




The Last Vast Galaxy Within - By Yugnawi level_badge

The Last Vast Galaxy Within - By Yugnawi

Member

Jan 04 2026 @ 21:39

මන්දාකිණි පිරිමි හදවත🖤



ප්‍රේමණීය තරු තොටිලි හදවතක් තේරුම්ගන්න පුලුවන් පිරිමියෙක් කියන්නේ ම ප්‍රාතිහාර්යයක් !!!!




ඒජීස්...අහන්නකෝ

ම්ම්ම්ම්ම් කියන්න අහගෙන ඉන්නේ

ඔයා දන්නව ද මේ අහස තියෙන්නේ ඒක හැදිලා තියෙන්නේ පුළුන් වලින් ඒජීස්.ඔයා දන්නව ද මේ අහස ඇතුළේ වෙන ම ලෝකයක් තියෙනවා ඒජීස්.

ම්ම්ම් එහෙම ද ව්ලෝරියා ? ඇයි දැන් නෝනා එහෙම කියන්නේ ම්ම්ම්ම්ම් ?

අහස බලද්දි මට එහෙම දැනෙනවා ඒජීස්.අහසේ වෙනම ම ආත්ම හුස්ම ගන්නවා කියලා මට දැනෙනවා ඒජීස්.එයාලා ගොඩක් සතුටින් හුස්ම ගන්නවා ඇති ඒජීස්

ම්ම්ම්ම්ම් එච්චරයි ද ඉතින් ? ඇස් දැක්ක ම මට ⁣තේරෙනවා අහස ගැන තව ගොඩක් කතා මට කියන්න තියෙනවා කියලා.කියන්න ව්ලෝරියා ඔයාගේ ලස්සන ෆැන්ටසිය....

අනේ....මට හිතෙනවා ඒජීස් අහස ඇතුළ තනිකරම පුළුන් වලින් වැහිලා ඇති කියලා.දම්පාට හවසක ඒ පුළුන් වලාවන් අතරින් සුදු රෝස , ලා රෝස මල් පොකුරු වලින් පිරුණු බයිසිකල් එකකින් රවුමක් යන්න තියෙනවනම්... එතකොට තව හිම වැටෙනවා වගේ පුළුන් වැටෙද්දි ඩුබායි රෝස වලින් පිරුණු තණ පිටියක , Ed sheeran ගේ Perfect සින්දුව ලාවට ප්ලේ වෙද්දි නටන්න තියෙනවනම් මම හරිම ආසයි ඒජීස්.හොඳ ම දේ ඔයා දන්නව ද ඒජීස් මම චූටි කාලේ ඒ වගේ හීනයකුත් දැක්කා.

දෙයියනේ පුදුමාකාර ලස්සනයි ව්ලෝරියා මට මැවිලා පේනවා.මෙහෙම කතා අහද්දි මට එක වෙලාවකට හිතෙනවා මේ ඔයාම ද කියලා ව්ලෝරියා.චූටි දරුවෙක් වගේ..ආස හිතෙනවා ව්ලෝරියා මට.දවසක අපි එහෙම තැනක ඔයා කැමති විදියට ඉමු ව්ලෝරියා.

අනේ මම හිතුවේ නෑ ඔයා ආසවෙයි කියලා ඒජීස්.මම මෙහෙම ඉන්නේ ඔයා ළඟ විතරයි ඒජීස්.ඇත්තටම ඔයා ආසයි ද ඒකට..අනේ ඇත්තටම දවසක අපි එහෙම ඉමු ඒජීස්.


දන්නව ද ව්ලෝරියා ,

" කවුරු මොනවා කිව්වත් අපි හැම මනුස්සයෙක් ඇතුලෙ ම පොඩි දරුවෙක් ජීවත් වෙනවා.ඒ කෙනා එළියට එන්නේ වැඩිපුර ම ආදරේ දැනෙන තැනක ව්ලෝරියා.විශේෂ ම දේ තමයි ව්ලෝරියා ෆැන්ටසියයි යථාර්ථයයි එකට එකතු කරගෙන ජීවිතේ ගෙවද්දි තමයි ලස්සන ම🤍 "





✍️ Vaeloria Elarith🖤