
මම හරි ආසයි එහෙම ඉන්න !!!
මේ වෙලාව තමයි මම එළියට වෙලා කෙළවරක් නැතුව අහස දිහා බලාගෙන ඉන්න ආස ම වෙලාව.වෙනදටත් වඩා තරු කැට ගොඩක් අද අහසේ දිස්නෙ දෙනවා.මේ විශ්වයේ ඈත ම කෙළවරේ ඉඳගෙන එන හුළඟ හරියට ඔයා වගේ.ඒ හුළං රැල්ල ගතට සහනයක් දුන්නත් හිතට දෙන්නෙ පුදුමාකර තනිකමක්;පාළුවක්;හිස්කමක් !!!
නාගරික වුණත් මම හුස්ම ගන්නේ පුදුමාකාර නිස්කලංක තැනක.හරියට කවුරුත් නොදන්න මගේ හදවත වගේ.
උණු උණුවෙ ම දුම් දාන කෝපි කෝප්පයකුත් එක්ක චොක්ලට් බිස්කට් කියන්නෙ දිව්‍යලෝක රසක්.චොක්ලට් බිස්කට් කෝපිවල පොඟවගෙන කන ගමන් අඹ ගහ යට වාඩිවෙලා බලන් ඉන්නවා තරම් සැනසීමක් කොහේවත් නෑ.වෙල් යායෙන් එන හුළඟයි , රැහැයියෝ කෑගහන සද්දයයි ,තව එක එක කුරුල්ලො කෑගහන සද්දයයි ,ඈතින් ඇහෙන පිරිත් සද්දයයි හරියට වෙන ම මන්දාකිණියක් වගේ !!!
මදිපාඩුවට කපුගේ මාස්ටර්ගේ සින්දුවක් ඇහෙන නෑහෙන ගාණට නින්නාද වුණා නම් ඒක වචනයෙන් කියන්න බැරි තරමේ වෙනම ම මන්දාකිණියක් !!!
මම හරි ආසයි මට මේ වෙලාවේ මේ දැනෙන තනිකමට.රෑ අහසේ දිස්නෙ දෙන තරු කැට අතරින් මට ඔයාව පේනවා.අන්න ඒ නිසා මම ආසයි මේ තරු කැට පොළොවට කඩාගෙන වැටෙනවනම් !!!
පුදුමාකර පාළුවක් ,හිස්කමක් හිතට දැණුනත් මම ආසයි එහෙම ඉන්න !!!
✍️ Vaeloria Elarith🖤