Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vaeloria Elarith level_badge

Vaeloria Elarith

Member

Dec 19 2025 @ 23:29

ඇස් කියන්නෙ ම මායාවක් !!!



දන්නව ද ඇස් කියන්නෙ ම මායාවක් !!!!




ඇස්වලට පුළුවන් අපි ව ඕනේ තරමක් අතරමං කරවන්න.ඒ හැඟීම කොයි වගේ ද කියනවනම් ඒක හරියට ,එකපාර ම තරු තොටිලි , උල්කාපාත, නිහාරිකා පිරුණු ,අන්ධකාරය විතරක් ම රජ කරන මන්දාකිණියක තනිවුණා වගේ හැඟීමක්.



හැමෝ ම කිව්වට ලස්සන ම දුඹුරු ඇස්, කොළ පාට ඇස් , නිල් පාට ඇස් කියලා


දන්නව ද දෙයක් !!!!


"මේ මන්දාකිණියේ ලස්සන ම ඇස් තමයි කළු පාට ඇස්"

හැමදෙයක් ම දරාගන්න පුළුවන් , කෙනෙක්ව අවුලන්න පුළුවන්, නිවන්න පුළුවන්, සනහන්න පුළුවන් ඇස් තමයි කළු පාට ඇස් කියන්නේ.කළු පාට ඇස් අස්සේ ඉක්මනට ම අතරමන් වෙනවා.හරියට අර මන්දාකිණියේ අතරමන් වුණා වගේ.


දන්නව ද ඒජීස් ඔයාගේ කළු පාට බෝල ඇස් අතරේ මාව අතරමන් වෙන්නෙත් එහෙමයි.ඔයාගේ ඇස් හරියට කාන්දමක් වගේ ඒජීස්.මාව මෙච්චරම ඔයා ළඟට ම ඇඳලා ගන්නෙත් එහෙමයි !!!



ව්ලෝරියාහ්....


ම්ම්ම්ම්ම් කියන්න ඒජීස්


ආදරේ කියන්නේ මොකක්ද ව්ලෝරියා ? මට ඒක ඔයාගෙන් ම දැනගන්න ඕනේ.මොකද මට  ආදරේ දැනෙන්නෙ ඔයාගෙන් විතරමයි ව්ලෝරියා.


ම්ම්ම් ඒජීස් මගේ ඇස් දිහා බලන්නකෝ.ඔයාට මොනව ද ඒජීස් මගේ ඇස් වලින් පේන්නේ ? තරු කැට වගේ දිස්නෙ දෙන ඇස් දෙකක් පේනවා නේද ?


මොකක් ද ව්ලෝරියා මට තේරෙන්නේ නෑ.ඔයාගේ ඇස් වලින් මට පේන්නෙ මගේ ඇස්මනේ.


දන්නව ද ඒජීස් ,


ආදරේ කියන්නෙ ම ඔයාට !!!!



දෙයියනේ ව්ලෝරියා !!!


මම වෙන කොහොමද ඒජීස් මගේ ආදරේ ගැන ඔයාට කියන්නේ ම්ම්ම්ම්ම් ? මම මගේ ආදරේ ගැන කියන්න වෙන විදියක් දන්නේ නෑ ඒජීස්.


ම්ම්ම්ම්ම් ව්ලෝරියා ඔයාගේ හිතේ මට තියෙන ආදරේ කියන්න එපා.මට ඒක දැනෙන්න දෙන්න.හරියට ඔයාගේ ඇස් වලින් මට මාව ම පේනවා වගේ.මට ඒක එහෙමම දැනෙන්න දෙන්න ව්ලෝරියා !!!



" ආදරේ කියන්නේ වචන වලට නෙවේ.ආදරේ කියන්නේ දරන්න ම බැරි හැඟීමකට;ප්‍රේමයෙන් විලාප දෙන හදවතකට;හැම හුස්මක් ම ඇදගන්න කළු කුහරයකට.ඉතින් ආද⁣රය දැනෙන්න දෙන්න"





✍️ Vaeloria Elarith🖤