
අංශක 𝟸𝟹.𝟺𝟹𝟼𝟻𝟹 විප්‍රයෝගය !!!
අංශක විසිතුනහමාරක
ඇලයකට යටත් ව
තුන්සිය හැටපහෙන් එක්
අව අටවක මැදියමක
තත්ත්පරයට හැත්තෑදෙවාරයක
හදගැස්මෙ පහසක
මරණීය රමණීය හැඟුම්
පණගැහෙන අන්දම
පරමාණුවෙන් දසලක්ෂයට හෘදය
විච්ජේදනය කළ නෙබියුලාව
කංසා ධූමයෙන් මවාගෙන
පෙම මරපු ප්‍රේමය ම
කැවෙන්ඩිෂ් රොටුවක තවරගෙන
තත්ත්පරයට එකසිය හැටනවයක
හදගැස්මෙ පහසක
නුඹෙ සැහැසි හදවත ම
මගෙ හද ම බිලිගන්න අපූරුව !!!
මම දන්නෙ මෙච්චරයි !!!
ප්‍රේමයට ප්‍රේමයෙන් ම හැමිණුනා ම හදවත ගැහුණත් එකයි නැතත් එකයි🖤
✍️ Vaeloria Elarith🖤