Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




The Last Vast Galaxy Within - By Yugnawi level_badge

The Last Vast Galaxy Within - By Yugnawi

Member

Jan 03 2026 @ 13:29

ප්‍රේමණීයත ම පිරිමි ආත්මය🖤



ප්‍රේමණීයත ම  පිරිමි ආත්මය🖤




ගැහැනියක් ප්‍රේමයෙන් මත් වෙන තරමට ම ප්‍රේමණීය වෙන්න පිරිමියෙක්ට පුළුවන් ද ?

ඔව් !!! පුළුවන්...


දන්නව ද ඇන්ඩ්‍රෝමේඩා මන්දාකිණියක අතරමං වුණු රෝමාන්තික ගැහැනියකට ඕනේ ප්‍රේමණීය ඉරෝතික පිරිමියෙක්.හෙමි හෙමින් කිරිසයුරු මන්දාකිණියට හුස්ම හුරුකරන ගමන් , ප්‍රේමයෙන් , රාගයෙන් සනහමින් , කිරිසයුරු මන්දාකිණියේ හෙමි හෙමින් අඩිය තියන්න හුරු කරන්න වගේ ම ඉඳහිටෙක ඇන්ඩ්‍රෝමේඩා මන්දාකිණියට දෑත් පටලගෙන ඇවිදින්න , ආත්මය නිදහස් වෙන්න ප්‍රේමණීය ඉරෝතික පිරිමියෙක් තරු තොටිලි හදවතකට ඕනේම යි!!!


_______________________________


ව්ලෝරියා දැන් අපි නිදාගන්න යමු නේද ම්ම්ම්ම් ? මෙච්චර වෙලා ඉවරයක් නැතුව කියෙව්වනෙ ඔයා ම්ම්ම්ම්.දැන් පොඩි ගමනක් යන්න ලේස්ති වෙන්නත් ඕනේ ව්ලෝරියා....

අනේ ඒජීස් මම කියවන්නෙ ඔයා ගාව ඉන්න වෙලාවට විතරනෙ.අනිත් එක මේ මහ රෑ කොහේද ඔයා යන්න හදන්නෙ ඒජීස් ම්ම්ම්ම් ?

පොඩි ගමනක් ව්ලෝරියා.ඒක නෙවෙයි ඔයා මුලින් ම ගලපගෝස් වලට යනව ද එහෙම නැත්නම් ප්‍රොවෙන්ස් වල ලැවෙන්ඩර් වතු යායකට යනව ද ?

ඒජීස් මම මුලින් ම යන්න ආසයි ලැවෙන්ඩර් වතු බලන්න. ඊටපස්සේ අපි යමු ගලපගෝස් වලට.දැන් ඇයි ඔයා එහෙම ඇහුවේ ?  ඔයා කොහේද යන්න හදන්නෙ ඒජීස් ? කියන්නකො මට....

ව්ලෝරියා අහන්නකො,

"දැන් අපි දෙන්නම නිදාගන්න යනවනෙ.ඉතින් මම දැන් ලේස්ති වෙලා එන්න හදන්නෙ ඔයාගේ හීන වලට.එතකොට ඔයා යන්න ආස ම ප්‍රොවෙන්ස් වල ලැවෙන්ඩර් වත්තක් මැද තුරුළු වෙලා අපි⁣ දෙන්නට සැනසීමෙන් ඉන්න පුලුවන් ව්ලෝරියා.🖤"


____________________________



ප්‍රේමණීයත ම ඉරෝතික පිරිමි එහෙමයි !!!!


ඒත් දන්නව ද පිරිමියෙක්ට මෙච්චරටම ප්‍රේමණීය වෙන්න පුලුවන් කියලා, තමන්ගේ ප්‍රේමණීය ගැහැනියගේ හීන මෙච්චරට ම තේරුම්ගන්න පුලුවන් කියලා , ප්‍රේමය විඳවපු තරු තොටිලි හදවතකට මිලිතත්ත්පරයකට හරි සැනසීමක් දෙන්න පුලුවන් කියලා , හෙමි හෙමින් ප්‍රේමය මැරුණු හදකට ප්‍රේමය පැළ කරන්න පුලුවන් කියලා කිරිසයුරු මන්දාකිණියේ හුස්ම අල්ලන ඔයා මට අහඹුවකින් හරි මුණගැහෙනකම් මම විශ්වාස කරේ නෑ ඒජීස්.


ඉතින් ,

පුලුවන් තරම් කාලයක් අපි මෙහෙම අත් අල්ලගෙන හුස්ම ගමු !!!
මියෙන වෙලාවට විතරක් අපි ආත්මයෙන්
හුස්ම ගමු !!!



දන්නව ද ඒජීස් ,

එහෙම වුණාම ඔයාටයි මටයි පුලුවන් මේ කිරිසයුරු මන්දාකිණිය මියැදෙන දවසට පස්සෙත් මේ විශ්වයේ හුස්ම ගන්න !!!


✍️ Vaeloria Elarith🖤