
මන්දාකිණි සුවඳ🖤
මේ මන්දාකිණියේ සමහර සුවඳවල් තියෙනවා, ඒ සුවඳ ආවේණික එක ම එක ආත්මයකට විතරමයි.ඒක නිකන් ම නිකන් සුවඳක් නෙවෙයි.ඒ සුවඳ ,නියුට්‍රෝන තරුවේ ඉඳන් උතුරු තරුව වෙනකන් ම විහිඳුණු ආත්මීය මන්දාකිණි සුවඳක් !!!
දන්නව ද එක ම එක මන්දාකිණි සුවඳකට පුළුවන් ප්‍රේමණීය හදවතක් නිහාරිකා තොටිල්ලක අතරමං කරවන්න ; අන්ධකාරය විතරක් ම පිරුණු පාතාලලෝකයක එක ම එක ගිනි පුපුරක් වෙන්න ; නයික්ස් තරු නියුට්‍රෝන තරු පිරුණු මන්දාකිණියක සිසයිජි හැඟුම් මෝදු කරවන ආධ්‍යාත්මික තරුවක් වෙන්න !!!
__________________________
ව්ලෝරියාහ් මොකද ම්ම්ම්ම් ? ඇස් දෙක අතාරින්න මගේ...හිතුවේ මට අඳුරගන්න බෑ කියල ද ම්ම්ම් ?
ඒ ඒජීස්හ්...කොහොම ද මම කියලා අඳුරගත්තෙ ඔයා එක්ක බෑනේ ඉතින්...
අනේ පිස්සු හොල්මන... මට අඳුරගන්න බැරි ද ව්ලෝරියා ඔයාව ම්ම්ම් ? මේ වගේ චූටි ළමයි කරනවා වගේ කෝලම් කරන්න ඉන්නෙ ඔයා විතරයිනෙ ඉතින්....
අනේ ඒජීස්... ඒ වුණාට ඔයාට තිබුණා බොරුවට හරි රැවටෙන්න.එතකොට මට සතුටුයිනෙ ඒජීස්....
අනේ හොල්මන....මෙන්න මෙහෙ එන්න ළඟට.
දන්නව ද ව්ලෝරියා ,
"සමහර සුවඳවල් තියෙනවා මන්දාකිණියේ කොහේහිටියත් ඒ සුවඳ කාගේද කියලා අඳුරගන්න පුලුවන්.ඔයාගෙ ළඟින් එන මේ Wild flower perfume සුවඳ ඔයා ගාව ම විතරයි ව්ලෝරියා තියෙන්නෙ.ඒක ඔයාගේ ම සුවඳක් ව්ලෝරියා...මම විඳින්න ආස ම සුවඳ ඔයා වෙද්දි මට බැරි ද ව්ලෝරියා ඔයාව අඳුරගන්න ම්ම්ම් ?🖤"
මන්දාකිණි සුවඳකට පුළුවන් ඕනෙ ම මන්දාකිණියක ඉඳගෙන ප්‍රේමණීය හදවතක් නිහාරිකා තොටිල්ලක අතරමං කරවන ගමන් ම රෝමාන්තික හැඟුම් මෝදු කරවන්න !!!
✍️ Vaeloria Elarith🖤