Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vaeloria Elarith level_badge

Vaeloria Elarith

Member

Dec 06 2025 @ 01:58

ප්‍රේමය කියන්නෙ ම ෆැන්ටසියක්🖤



ප්‍රේමය කියන්නෙ ම ෆැන්ටසියක්🖤



ඒජීස්...මේ අහන්න..මට ප්‍රශ්නයක් තියෙනවා..

ඔය හිතට කවදා ද ප්‍රශ්න නොතිබුණේ ව්ලෝරියා ම්ම්ම් ? කියන්න බලන්න නෝනගේ ප්‍රශ්නේ මොකක් ද කියලා...

ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයා ඉන්න නිසා එක එක ජාතියේ ප්‍රශ්න එනවා ඉතින් ඔලුවට.හරි හරි මේ අහන්නකො.

ඔයාට හිතෙන්නෙ නැද්ද අපේ මේ රිලේෂන්ෂිප් එක ෆැන්ටසියක් කියලා ඒජීස් ?

හරිනේ.ඇස් දෙකත් ලොකු කරගෙන තනියම කියව කියව ඉන්නකොට මම දැනගත්තා ඔය වගේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා ව්ලෝරියා.

හරි ඉතින් උත්තර දෙන්නකෝ ඒජීස්.

ඉතින් එහෙම හොඳයි නේද නෝනා..ෆැන්ටසියක් වගේ ආදර කතාවක් තියෙන එක.හැමෝම වගේ ආදරේ කරනවට වඩා වෙනස් ම ෆැන්ටසියක ඉඳන් ආදරේ කරන එක හොඳ නැද්ද ව්ලෝරියා ?

ව්ලෝරියා ,

අකුරු ටිකක් ටයිප් කරලා එවන මැසේජ් එකකට වඩා ,ඔයා ලියලා එවන කෝපි සුවඳ හමන ලියුමක කොච්චරක් නම් ආදරේ හැංගිලා තියෙනව ද ? මුහුද අයිනේ වාඩිවෙලා අයිස්ක්‍රීම් එකක් එක්ක බියර් බින්දුවක් තොල ගාන ගමන් ඔහේ කියවන වචන අස්සේ මහමෙරක් වගේ ආදරේ හැංගිලා තියෙනවා.රෑ දොළහට එකට අතින් අල්ලගෙන මොනවහරි කන ගමන් පාර අයිනේ ඉඳන් කියවන කතා අස්සේ කොච්චර ආදරයක් තියෙනව ද ? වෙරළේ හාන්සිවෙලා තරු රටා හොයන ගමන් කියවන දාර්ශනික කතා අස්සේ කොච්චරක් නම් ආදරේ හැංගිලා තියෙනව ද ?

ඉතින් අපේ ෆැන්ටසියයි යථාර්ථයයි එකට සම්බන්ධ කරගෙන අන්න ඒ අපේ ම ෆැන්ටසියේ ඉඳන් ආදරේ කරන එක හොඳ නැද්ද ව්ලෝරියා ?



✍️ Vaeloria Elarith🖤