Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




The Last Vast Galaxy Within - By Yugnawi level_badge

The Last Vast Galaxy Within - By Yugnawi

Member

Dec 28 2025 @ 13:51

මන:කල්පිත සීමා🖤



මන:කල්පිත සීමා🖤



එරවෝස්...මම මේ ෆොටෝ එක ගත්තා.ඒක මට ඕනේහ්.

සෙෆීරාහ්...ඇයි ඒ...මොකට ද මගේ ෆොටෝ එක ම්ම්ම්ම්ම් ?


මට ඕනේ නිසා එරවෝස්.


ඕක දිහා බල බල ඇස්වල කඳුළු පුරවගන්න ද සෙෆීරා ආහ් ?

ම්ම්ම්ම්ම් ඔව් මට පුළුවන් තරම් කාලයක් එරවෝස් !!! මට පුළුවන් තරම් කාලයක් මම එහෙම කරනවා එරවෝස් !!!

මට මේ දැන් ඔයාව මගේ පපුවට තුරුළු කරගන්න ඕනේ සුදු නෝනා.මම  දැන් එන්නම් මැණිකේ.මට දැන් ඔයාව පපුවට තුරුළු කරගන්න ඕනේ.මේ දැන්.

එහෙම එපා එරවෝස්.අපි මේ සීමාව මේ විදියට ම තියාගමු !!! 

ඇයි ඒ සෙෆීරා ? මම මැරීඩ් නිසා ද ?


දන්නව ද එරවෝස් ,

"ප්‍රේමය ඇතිවෙන්න ඉන්නෙ කොහේද , ටීනේජ් ද ,මිඩ් ඒජ් ද, මැරීඩ් ද ,අන්මැරීඩ් ද දක්ෂිණාර්ධගෝලයේ ද ,උත්තරාර්ධගෝලයේ ද එහෙමත් නැත්නම් වෙන ම මන්දාකිණියක ද කියන දේ අදාළ වෙන්නෙ ම නෑ."

"සරලව ම කිව්වොත් ප්‍රේමයට දේශසීමා , සමාජීය ,සංස්කෘතික සීමා අදාළ නෑ.ප්‍රේමයට ඕනේ ප්‍රේමයෙන් ම පණගැහෙන ආත්මයන් විතරමයි"

ඒත් එරවෝස් ,

මේ සීමාව මේ විදියට ම තියාගමු.මොකද ප්‍රේමය කොහොමවුණත් ළංවුණත් වෙන්වුණත් විඳවන්නේ ඔයයි මමයි දෙන්නම.ඊට හොඳ නැද්ද එරවෝස් අපේ සීමාව ඇතුළේ අපි හුස්ම ගත්ත නම් ? 


[b]__________________________________[/b]



මේ කිරිසයුරු මන්දාකිණියේ "අසම්මතය" කියන වැඩකට ම නැති අකුරු හය ඇතුළේ "සම්මතය" කියන පෘථිවි වාසීන්ගේ මන:කල්පිත සීමාවකට පුළුවන් ප්‍රේමණීය හදවත් පණගැහෙද්දි ම මරලා දාන්න🖤



✍️ Vaeloria Elarith🖤