Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




The Last Vast Galaxy Within - By Yugnawi level_badge

The Last Vast Galaxy Within - By Yugnawi

Member

Jan 18 2026 @ 16:22

ඔයා මට අහසක්🖤



ඔයා මට අහසක්🖤



ප්‍රේමයට කොයින් ද සීමාවක් ? ප්‍රේමය කියන්නෙ ම දරන්න ම බැරි හැඟීමකට;ප්‍රේමයෙන් විලාප දෙන හදවතකට;අතිසියුම් ප්‍රේම අංශුවක් ම ඇදගන්න කළු පැහැති දෑසකට !!!



සෙෆීරා.....


ම්ම්ම් කියන්න එරවෝස්...


මුකුත් නෑ අනේ.නිකමට කතා කරේ නෝනා..


ආව් රිදුණා අනේ.කොණ්ඩෙන් අදින්නෙ එරවෝස්...


හැමදාම කියනවා කොණ්ඩේ මගේ මැට්ටියේ.ඕවා මගේ දේපළ.ඉතින් මට ඕනේ දෙයක් මම කරනවා නෝනා.


අපෝ හරි හරි මහත්තයෝ..නිකමට වෙන්න බෑ කතා කරේ.මොකක්ද කියන්න ආවේ ම්ම්ම් ?


ඒකනම් එහෙම තමයි සෙෆීරා.එච්චරට ම මාව දැනෙනව ද ඔයාට ම්ම්ම් ?


ඔයා මගේ ජීවිතේ ම වෙද්දි මට එහෙම නොදැනී තියෙයි ද මහත්තයෝ ?


මේ එනවකො පපුවට...මම දන්නෙ නැහැ සෙෆීරා.මම තාම කල්පනා කරනවා ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මට මොනවා වෙයි ද ?


දන්නව ද සෙෆීරා ,


හිස් පිටුවක් වෙලා තිබුණු මගේ ජීවිතේට අහම්බෙන් වගේ ඔයා ඇවිත් , ඒ හිස් පිටුවේ ලස්සන චිත්‍ර ඇඳලා පාට කරේ ඔයා.තාමත් ඔයා ඒ දේ කරනවා.අවුරුදු තිස් දෙකක් වෙනකම් තනියම ජීවිතේ ගෙවපු මට, කවදාවත් මෙහෙම ජීවිතයක් ගෙවන්න ලැබෙයි කියලා මම හිතුවේ නෑ සෙෆීරා.


"මට ඔයා කියන්නෙ ම අහසක් සෙෆීරා🤍"



✍️ Vaeloria Elarith🖤