Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Vaeloria Elarith level_badge

Vaeloria Elarith

Member

Jan 11 2026 @ 23:18

මෙරාකි ආලය🤍



මෙරාකි ආලය🤍


මුළු අහස ම අයිරිස් පාට වලාවකින් වෙලාගත්තු හවස්යාමයක , වෙරළ අද්දර ඉඳගෙන කැපචිනෝ කෝප්පයක් තොල ගාන ගමන් , දියඹ දිගේ හෙමිහිට ඇවිත් හිරුකුමාරයා ඈත ක්ෂිතජයේ හැංගිලා යන විදිය බලන් ඉන්නවා තරම් හිතට සුවයක් තවත් නෑ.ඒ එක්ක ම මුහුදු සුළඟ ගත දැවටෙද්දි මතක අතරේ අතරමං වෙන එක නවත්තන්න ම බැරි දෙයක්.හිරුකුමාරයා ඈත ක්ෂිතජයේ හැංගිලා යන විදිය දැක්ක ම අනිච්ඡානුගව ම මම යන්නේ නොස්ටැල්ජික් පාරාදීසයට....

"දන්නව ද පොඩ්ඩි කිසිමදෙයක අවසානයක් නෑ.හැමදෙයක් ම පටන් ගැන්මක්.ඒ නිසා කිසිමදෙයක් අවසානයක් කියන්න බෑ.එතන තියෙන්නෙ කොමාවක් විතරයි"

ඔයා එදා එහෙම කිව්වත් ,පුලුවන් තරම් ඉක්මනට මේ ආත්මෙට, අපේ කතාවට නැවතීමේ තිතක් ම තියලා ඔයා මැකිල ම ගිහින්.ඒත් අදටත් මම තාමත් අපේ නොස්ටැල්ජික් කතාව ඇතුළේ තනියම හුස්ම ගන්නවා.ඉතින් මට පුලුවන් තරම් කාලයක් සමහර විට මගේ හුස්ම නවතින දවස වෙනකන් ම මම අපේ කතාව ඇතුළේ හුස්ම ගනියි🤍

________________________________________

"අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ🤍"

_________________________________________

දන්නව ද මේ ගෙවෙන්නෙ මට ඔයාම ඕනෙමයි කියලා දැනෙන මිලිතත්ත්පර යශ් කුකීහ්🖤

මට එකම එක පාරක් ඔයාව බදාගන්න තිබුණනම්.......🥺


✍️ Vaeloria Elarith🖤