
පිපිරෙන්න දැන් ළඟයි !!!!
මියැදෙන්න වෙර දරන
තරු තොටිලි හදවතට
ද්විත්ව ගිනිදැල්ලකින්
පණදෙන්න වෙර දරන
කාලවර්ණ නියුට්‍රෝන දෑසක
යථාකාලයක
අහඹුවෙන් ම පැටලුණු
ප්‍රේමණීය කළු කුහර
හදවත් දෙකක්
ආලෝක වර්ෂ දුර නේන
ප්‍රේමයක....
කාරුණික නිවේදනය යි !!!
විශ්ව නිහාරිකාවක
තරු පිරෙන කෙළවරක
තාරකා නෙබියුලාවක්
සුපර්නෝවා පිපිරීමක !!!
කාලවර්ණ දෑස් හිමියනි ,
අළු වී ගිය ද මට කම් නැත
තරු පොකුරු පුපුරුවා
අපි ප්‍රේමයෙන් ඇවිලෙමු ද ?
✍️ Vaeloria Elarith🖤