Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Sachith Pramod level_badge

Sachith Pramod

Member

Nov 26 2024 @ 15:02

The break-up - 4



*The break-up*

- "ලස්සන ම , පිංවන්ත ආදරයක් ලැබිලත් එය රැකගැනීමට අපොහොසත් වූ අසාර්ථක ප්‍රේමවන්තයෙකු ගේ පාපොච්වාරණය " -

0️⃣4️⃣ 𝘌𝘗𝘐𝘚𝘖𝘋𝘌

◈◈ *කතු අයිතිය බුද්ධිමය දේපළක් බැවින් කරුණාකර කතු අයිතිය සුරකින්න.*

◈◈ *සත්‍ය කතාවක් ඇසුරෙන් ලියවෙන මෙම කතාවේ නම් ගම් පමණක් මනංකල්පිත බව කරුණාවෙන් සළකන්න.*

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗽𝗿𝗮𝗺𝗼𝗱 ✍️



ඔක්තොම්බර් මාසේ ජීවිතේට අමතක නො වෙන දවස් දෙකක් තියෙනවා මට මගේ ජීවිතේ. ඒ තමයි ඔක්තොම්බර් 22යි , ඔක්තොම්බර් 23යි.

ඔක්තොම්බර් 22 කියන්නේ මම මුලින් ම ග්‍රින් අයිසේජ් හෝටලයේ ඉස්සෙල්ලා ම වැඩට යන දවසට කලින් දවස.

ඔක්තොම්බර් 22 විශේෂ දවසක් වෙන්න තව හේතුවක් තිබුනා. ඒ තමයි මම පණ වගේ ආදරේ කරපු මගේ ප්‍රශංසා නංගිව මේ ලෝකෙට බිහිකරපු ප්‍රශංසා නංගිගෙ, අම්මාගේ හැපී බර්ත්ඩේ එක.

*" අයියේ, මමයි අම්මායි එළියට ආවා....අද අම්මාගේ බර්ත්ඩේ එකනේ...."*

ඔක්තොම්බර් 22 ප්‍රශංසා නංගිගෙ අම්මාගේ බර්ත්ඩේ එක කියලා මම දන්නෙත් ප්‍රශංසා නංගි මට එහෙම කිව්වම.

*" සා....මරුනේ සුදු බෝලේ....ඉතිම් මොනාද මගේ සුදු බෝලේ අම්මාට අරන් දුන්න ප්‍රසන්ට් එක....."*

*" කේක් එකක් , බෑග් එකක්....පර්ස් එකක්....තව ක්‍රීම් එකක්.....ආහ් තව එයාව බයික් එකේ වටයක් එක්කගෙන ගියා..."*

ප්‍රශංසා නංගි එහෙම කිව්වම මම ප්‍රශංසා නංගි ගැන ගොඩක් ආඩම්බර වුනා තමන් මේ ලෝකෙට බිහිකරපු තමන්ගෙ මවගෙ උපන්දිනය මතක නැති දරුවො ඉන්න සමාජයක  මගේ ප්‍රශංසා නංගි තමන්ගෙ මවගෙ උපන්දිනය වෙනුවෙන් කරලා තියෙන්නේ කොච්චර වටින දෙයක්ද?

*" හෙට ජොබ් එකට යන මුල් ම දවස සුදු බෝලේ...."*

මට ග්‍රීන් අයිසේජ් හෝටලේ වැඩට යන්න තිබ්බේ ඔක්ඝොම්බර් 23, ඒ කියන්නෙ ප්‍රශංසා නංගිගෙ අම්මාගෙ birthday එක තිබ්බ දවසට පස්සෙ දවසේ.

කලින් හෝටලේක වැඩ කරලා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති මම හෙට ඉඳන් තරු තුනේ ලොකු හෝටලයක වැඩට යන නිසා ටිකක් විතර හෙල්ලිලා හිටියේ.

*" ඔව් සුද්දී, ඔක්කොම ලෑස්තියි..."*

💎⃝♡꧂ᘝᘞ *සචී* ❤️𝘀𝘁𝗼𝗿𝘆✍️💎⃝♡꧂ᘝᘞ 

පහුවදා උදේ අලුත් ජොබ් එකට යන නිසා අම්මාගෙන් බේරිල්ලක් තිබුනේ නෑ හවසට පන්සල් යමු ගගා.

එදා හවස මම අපේ ගෙදර ඔක්කොමත් එක්ක පන්සල් ගියේ අපේ අම්මාගේ වදේ පොරෙන් බේරෙන්න බැරි කමටමයි.

*" පුතා, මේ කාසිය ඔය පඬුරු පෙට්ටියට දාලා ප්‍රාර්ථනා කරන්න මේ ජොබ් එක හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා...."*

අම්මා පන්සලේ තියෙන කතරගම දේවාලේ ළඟදි මට කිව්වේ දහයේ කාසියක් මගේ අතට දීලා.

ඒත් මම අම්මා දීපු රුපියල් දහේ කාසිය කතරගම දේවාලේ තිබ්බ පඬුරු පෙට්ටියට දාලා පැතුවේ වෙනම ම පැතුමක්.

*" අනේ කතරගම දෙවියනේ, මගේ සුදු බෝලෙත් එක්ක ගත්තම මේ ජොබ් එක මට තඹ දොයිතුවකට වටින්නෙ නෑ...මේ ජොබ් එක මට නැති වුනොත් මට තව ඕන තරම් ජොබ් හොයාගන්න පුලුවන් මට තියෙන සුදුසුකම් වල හැටියට...ඒත් මගේ සුදු බෝලෙගෙ ආදරේ එහෙම නෙමෙයි දෙවියනේ.....මගේ සුදු බෝලෙගෙ ලස්සන අහිංසක ආදරේ මට නැති වුනොත් ආයේ කවදාවත් ම මට ඒ වගේ ලස්සන , අහිංසක ආදරයක් මට ලැබෙන එකක් නෑ කතරගම දෙවියනේ....ඒක නිසා මට ජොබ් එක නැති වුනත් අවුලක් නෑ.....මගේ සුදු බෝලේ හැමදාම මගේ ළඟින් තියන්න දෙවියනේ...."*🙏🏻🥺

මම එදා කතරගම දෙවියන්ගේ රූපය දිහා ම බලාගෙන පැතුවේ එහෙම.

එදා පන්සලේදි ඒ වගේ පැතුමක් පතන්න හේතු වුනේ,

" උ!බ ඔය ඇතුළේ මාස තුන ඉවරවෙලා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ගියාට පස්සේ උ!බේ ප්‍රශංසා නංගි උ!බ!ට පො!ල්!ල තියෙනවා...."

ගයන්ත එදා කෝල් කරලා කියපු ඒ කතාව.

ප්‍රශංසා නංගි හැමදාම මගේ ළඟින් ම තියන්න ගගා දෙවියන් ඉදිරියේ මම කොච්චර පුද පුඬුරු පූජා කරත් එයින් පලක් වුනේ නෑ. කොහෙදෝ ඉඳන් ආපු ම!ං!කො!ල්!ල!කා!ර!යෙ!ක් මගේ ප්‍රශංසා නංගිව මගෙන් උදුරගෙන යන්න ගියා. 🥲

*කතාව අදට ඉවරයි*

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ S̺  A̺  C̺  H̺  I̺  T̺ H


No comments found.