Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Pulitha Mohotti level_badge

Pulitha Mohotti

Member

Aug 06 2026 @ 13:08

ආදරේ තිබුණත් අපි නැවතුණා ❤️‍🩹



“අපි නොහිතා කරන පුංචි වැරැද්දක් නිසා අපි ආදරය කරන මනුස්සයෙක් සදහටම අපෙන් ඈතට යන්න පුළුවන්, සමහර විට ඒ අපි ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු මනුස්සයා වෙන්නත් පුලුවන්. මම කියන්නේ නෑ, ඔයාට තව ටිකක් ඉවසන්න තිබුණා කියලා. මොකද මේ දැන් උනත් මම හිතනවා ඔයා ගත්තෙ ඒ වෙලාවෙ ගන්න පුළුවන් හොඳම තීරණය කියලා.

කොච්චර ආදරේ වුණත් සමහර පුංචි අතපසුවීම් නිසා අපේ හිත්වල මිනිස්සු ගැන තියෙන විශ්වාසය පළුදුවෙලා යන්න පුළුවන්.

ඒ කඩතොලු ආයෙම කවදාවත් නිවැරදි කරගන්නත් බැරි වෙන්න පුලුවන්. කඩතොලු අමාරුවෙන් වහ වහ ඉන්නවට වඩා හොඳයි දරුවෝ ගානට පපුවේ ආදරෙන් තියන් හිටපු මිනිස්සූ, වෛරක්කාරයො වෙන්න කලින් නිදහස් කරන එක.

ඔයා දන්නවා මම වෙන කාටත් වඩා ඔයාට ආදරේ කරා කියලා, ඒත් ඒ එක සිදුවීමෙන් පස්සෙ තව දුටරත් ඒක වචනයක්ම විතරක් වුණා කියලා මම දන්නවා.

ඔයා වැරදි නෑ. අර කලින් කිව්ව වගේම ඔයා ගත්ත තීරණය හරි, අපි තාම මේ ආදරය කියන දේ ඉගෙනගන්න ගමන් වැටි වැටි ඇවිදින මිනිස්සූ. ඉතිං අපි ඉගන ගත්තා. මේ ඔක්කොම අහිමීවීම්වලින් පස්සෙ දවසක අපි තැනක නවතිනවා, අපිටම කියලා හිමි තැනක.

ඒ වෙනකන් වැරදි හදාගෙන අහිමිවීම් දරාගන්නයි ඕන..” 🤍

#quotes
Credit - Ruu