Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Dilshan Balawikrama level_badge

Dilshan Balawikrama

Full-Stack & Mobile Dev

Mar 07 2026 @ 15:59

හිමිකමක් නැති ප්‍රේමය



​හිමි නැති බව දැනත් සිත දැඩිව බැඳෙනුයේ
මනසක තීරණයකින් නොව එය සිදුවනුයේ
සිහිනයකින් තැනූ ලොවකට පෙම් බඳිනුයේ
අවදිව යළිත් ඒ සිහිනයෙම සැතපෙනුයේ

​පැය ගණනක් බලා හිඳ දුරකතන තිරය
නොලැබෙන පණිවිඩය සොයමින් විඳින බිය
අන් සතු බව දැනත් දැවෙනා හදේ ගිනි කඳ
පවසනු කෙලෙසදෝ විඳිනා කෙනෙකු මිස

​ලෝකෙට රහසක්ව සඟවා තබන සෙනේ
තමන්ට වදයක්ව හදවත පෙළන පැනේ
නොලැබෙන සතුටකට වැඩියෙන් මෙතැන තැනේ
බලාපොරොත්තුවක පිවිතුරු මහත් ගුණේ

​මෝඩකමක් යැයි පවසන්නට එපා කිසිවිට
හිමි නොවන බව දැනත් පෙම් කළ හැකි සිතට
කලාතුරකින් ලොවට හමුවන සවියකි එය
පරිත්‍යාගයේ මහා සලකුණ පවසයි එය