විරහ වේදනාව... එය කුමක් ද
ආදර සම්බන්දයක් අහිමිව ගිය විට ඩොපමයින් මත දැඩි ලෙස රඳා පවතින මොළයේ පද්ධති විශාල හිඟයකට මුහුන දේ. මෙය ඇතැම් විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටින්නෙකු මත්ද්‍රව්‍ය වලින් ඉවත් වීම හා සම්බන්ධ හැඟීමට සමාන කර දැකිය හැකිය. Oxytocin සහ vasopressin, වැනි බැදීම් හා සම්බන්ධ හෝමෝන ද ශ්‍රව්‍ය අඩු වෙ , තනිකම සහ හුදකලාව පිළිබඳ හැඟීම් මේ මගින් තිවුර වෙ.
ආතතිය හා සම්බන්ධ කෝටිසෝල් මට්ටම බොහෝ විට ඉහළ යන අතර, කාංසාව, මානසික අවපීඩනය සහ ශාරීරික රෝග වැනි රෝග ලක්ෂණ ඇති කරයි. චිත්තවේගයන් සැකසීම සඳහා වගකිව යුතු ඇමිග්ඩලා, අධික ලෙස ක්‍රියා කර, චිත්තවේගීය වේදනාව වැඩි කරයි. ඊට සමගාමීව, චිත්තවේග නියාමනය කිරීමට සහ තීරණ ගැනීම සඳහා උපකාර වන මොලයේ පූර්ව ඉදිරිපස බාහිකය, තාර්කික චින්තනය සහ චිත්තවේගීය පාලනය අඩාල කරමින් අඩු ඵලදායී ලෙස ක්‍රියා කරයි.
මනෝවිද්‍යාත්මකව, කාංසාව හෝ මානසික අවපීඩන වැනි තත්ත්වයන් ඇති වීමට හැකි.... පුද්ගලයන්ට විකාර සහගත සිතුවිලි, ආශාවන් සහ ඉදිරියට ජීවිතය ගෙන යාමේ දුෂ්කරතා ඇති කරයි. මෙම හෝර්මෝන සහ ස්නායු වෙනස්වීම් වල එකතුව, චිත්තවේගීය හා ශාරීරික රෝග ලක්ෂණ දෙකෙන්ම විදහා දැක්වෙන අතර නැතිවම සහ පීඩාව පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කරයි