
සොඳුරු ඒ අතීතයෙ රන්වන් සිහින දොර අසල
හදවතින් පෙම් කළා මතකයි එදා ඇයට මම
සය වසරකට පෙර මියැදුණු ඒ සොඳුරු රුව
අදත් සිහි කරනවා මළගම අබියසම සැම දින
දෙනෙත් මුණගැසුණි අද වීදියේ මග තොටක
නමුදු මට නොදැනුණි සහසක් හැඟුම් මා හදට
මා දකින්නේ අඳුනන තව එකම මිනිසෙකු පමණ
ඇය නොවේ මා හදේ සැඟවුණ ඒ ලයාන්විත යුවතිය
නොකළ හැකි දෙයක් ලොව ඇත මළවුන් නැගිටුවනු
එනිසාම නිහඬය මා දෙතොල් ඇය මුණගැහුණු කල
දනිම් මළවුන් හට එන්නට බැරි බව අපේ ලෝකයට
නමුදු මා තවම සෙනෙහසයි ඒ පැරණි මියගිය පෙම්වතියට