Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Dilshan Balawikrama level_badge

Dilshan Balawikrama

Full-Stack & Mobile Dev

Feb 25 2026 @ 20:49

අමුත්තිය



සොඳුරු ඒ අතීතයෙ රන්වන් සිහින දොර අසල
හදවතින් පෙම් කළා මතකයි එදා ඇයට මම
සය වසරකට පෙර මියැදුණු ඒ සොඳුරු රුව
අදත් සිහි කරනවා මළගම අබියසම සැම දින

දෙනෙත් මුණගැසුණි අද වීදියේ මග තොටක
නමුදු මට නොදැනුණි සහසක් හැඟුම් මා හදට
මා දකින්නේ අඳුනන තව එකම මිනිසෙකු පමණ
ඇය නොවේ මා හදේ සැඟවුණ ඒ ලයාන්විත යුවතිය

නොකළ හැකි දෙයක් ලොව ඇත මළවුන් නැගිටුවනු
එනිසාම නිහඬය මා දෙතොල් ඇය මුණගැහුණු කල
දනිම් මළවුන් හට එන්නට බැරි බව අපේ ලෝකයට
නමුදු මා තවම සෙනෙහසයි ඒ පැරණි මියගිය පෙම්වතියට