
නොසෙවූ අතීතයක
අතැර ගිය මා සෙවණැල්ල,
තනිවූ හදවතක නවාතැන වී
ජීවිතයට පණ දුන් අපූරුව...
හැඟීම් පෑරෙන, සිත රිදවන
සුළි සුළඟක් මැද වුවද,
මම තාමත් හුස්ම ගන්නේ
ඒ නමින්ම පමණය...
රිදුම් දෙන හදවතට
සැනසුම් සෙවණැල්ලක් වී,
ජීවත් වීමට අර්ථයක් දුන්
නොමියෙන ප්‍රේමයේ ආදරණීය සලකුණ...