සමහර ඔය බ්‍රාහ්ම පණ්ඩිත ලා ඉන්නවා
උන් කියනවා
සල්ලි නෙමෙයි ජීවිතේ... හැමෝම ලෙඩ වෙනවා... හැමෝම ලෙඩ උනාම එකයි
අනේ රෙද්ද...
යකෝ සල්ලි තියෙනව නම් ලංකාවේ හොඳම hospital එකකට ගිහිල්ලා හොඳම doctor කෙනෙක් Channel කරලා බෙහෙත් ගන්නවා....
සැප ඇඳක... සැප කාමරයක ඉඳගෙන tv එකත් බල බල බෙහෙත් ගන්නවා...
A/C එකේ
නැත්තන්... ලංකාවේ බෙහෙත් නැත්තන් යනවා Singapore, USA, Canada කොහේ හරි ගිහින් හොඳම පහසුකම් එක්ක බෙහෙත් ගන්නවා
එත් සල්ලි නැත්තන් මොකක් ද කරන්නේ....
සල්ලි නැත්තන්... සල්ලි නැත්තන් අර තියෙනව ආණ්ඩුවේ hospital වල බංකු... සමහර වෙලාවට ඇඳන් නැහැ බංකු තියෙන්නේ... බංකුවකට වෙලා මැස්සෝ වහා වහා විඳව විඳව ඉන්නවා...
මාස ගනන් දිග ලිස්ට් වෙලා operation එකක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා...
සමහර හර්ට්ස් පේෂන් ලාගේ අනිවාර්ය operation... මාස හයක විතර waiting list එකක්....
මොකද කරන්නේ....
එ list එකේ හැමොටම ඕනේ නේ... මොකද මෙයාට priority එක දෙන්න මෙයාට priority එක දෙන්න... කියලා නැහැ නේ... හැමෝම ලෙඩ්ඩු තමයි...
ඔව් එතැනදී... හැමෝම ලෙඩ්ඩු තමයී...
එ සල්ලි නැති තැනදී...
හැබැයි සල්ලි තියෙන තැනදී...
ඌට ඉක්මනින් operation එක වෙන්න ඕනේ නම් රටේ දොස්තර ලා නැත්තන් එරොප්පෙන් හරි doctor කෙනෙක් ගෙන්නලා operation එක කරනවා....
අන්න ඒකටයි සල්ලි කියන්නේ...
සමහර වෙලාවට සල්ලි නැතුව මාස හයක් waiting list ඉන්නකොට මාස තුනකින් විතර මැරිලා යනවා...
එතකොට මොකද්ද කරන්නේ...
අදම කරන්න ඕනේ operation එක අදම කරන්න විඳියක් නැහැ... බෙහෙත් නැහැ ලංකාවේ...
මොකද පිට රට අරන් යන්නද... සල්ලි තියෙනව ද...
සල්ලි තියෙන එකා ලස්සනට යනවා...