සන්ධ්‍යාවේ වියැකී යන මෘදු ආලෝකයේ මධ්‍යයේ,
මම, රාත්‍රිය හුදකලාව ගතකරමි.
මළ හිරු ඈත ක්ෂිතිජයේ ගිලී යයි.
එහි අවසන් කිරණ ද නොපෙනී ගියේ,
ලොවම අඳුරට ඇඳ දමමිනි.
ඔබේ සිනහව, වරක් මගේ දිවියේ හිරු මෙන් විය,
ඔබේ හඬ, වරක් මගේ දිවියේ මියුරු සප්ත ස්වර විය,
ඔබේ සෙනෙහස, වරක් මගේ දිවියේ ජිවය විය,
නමුත් ඔබ එ සියල්ල රැගෙන නොපෙනන දෙසකට ගියේ,
මා අඳුරෙන් අඳුරට ඇද දමමිනි.
දැන් ඔබේ කටහඬ මතකයේ හොල්මන් කරයි.
මම බැස යන සූර්යයා දෙස බලා සිටිමි,
එහි දුක්බර මලානික කිරණ ,
මට ජීවතය දැනෙන ආකාරය පිළිබිඹු කරන්නේ මගේ කැඩ්පත මෙනි.
අහස, රක්ත පැහැයෙන් දිස්වන්නේය,
හරියට මම හෙලු කඳුළු දන්නවා මෙනි .
අහස් උසට බැඳි මහා මනෝ මන්දිර ,
මිනිත්තු තත්පර කිහිපයක් තුළ අහිමි විය.
ඔබේ ස්පර්ශය, මගේ සම මත තාමත් මැකී ගොස් නැතැ ,
ආලෝකය තුනී වන විට එහි වියැකී යන උණුහුමින් ඔබව මට දැනේ .
සන්ධ්‍යාවේ, මම ඔබ සොයා මතක සයුරේ කිමිද යමි ,
නමුත් යළි කිසි දිනක එ සයුර යළි පෝෂණය නොවේ.
තරු නැඟී, ඈත අහසේ ගිනි පුපුරු මෙන් දිදුලයි,
නමුත් මගේ අඳුරු වූ හදවත හමුවේ ඔවුන් අසරණය.
මක්නිසාද යත්, ඔබ ගිය දිනයේ සිට ,
අදුර මා වෙලා ඇත්තේ නැවත නොනැගිටින ලෙසය .
ඔහ්, ආදරිය, මගේ හදවත, මගේ ආත්මය ,
ඔබ කොපමණ දුරක් ගියාද, කෙතරම් සමීපද, කොපමණ දුරද.
ඔබ එන්නේද, කවදා එන්නේද, කෙසේ එන්නේද
මම ඔබ එන තුරු බලා හිඳිමි, මේ දිවිය හෝ මිළග දිවිය කම් නැතැ.