Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Ravindu Dilshan level_badge

Ravindu Dilshan

Full Stack Developer

Aug 07 2024 @ 20:26

මන මත් කරවූ simpson gap



ඇත්තෙන්ම ඕස්ට්‍රේලියාවේ බටහිර MacDonnell කඳුවැටියේ රළු භූමි ප්‍රදේශයේ පිහිටා ඇති Simpsons Gap, එහි රළු සහ කර්කශ බව හා සබැඳි වශී කරවන සුන්දරත්වයකින් සමන්විත වේ. රත් පැහැ කුළුණු මෙන් අහසට දිවෙන කදු දෙබල සිහින දේශයක අලංකාරය නිරූපණය කරයි. ඉපැරැණි ෆින්කේ ගඟ ගලාබසින මේ පටු දුර්ග මාර්ගය දෙපස ochre වර්ණයෙන් පොහොසත් පාෂාණමය නිර්මාණ අප යන කල වූ  සවස් යාමයේ සිත් ඇදගන්නා දර්ශනයක් නිර්මාණ කරයි. ඒත් සමගම ශුෂ්ක භූ දර්ශනයේ සාමකාමී ක්ෂේම භූමියක තේජස විදහා දක්‌වමින් පවතින්නේ සුන්දර දිය වලක් වේ. මේ කටුක දුශ්කර පරිසරයේ තුරු ලතා වලට සහය වෙමින් එහි තේජසින් ස්වදේශික වෘක්ෂලතාදිය වර්ධනය වන අතර, අවට පරිසරයේ දර්ශනයට එක් කරන්නේ හරිත වර්ණයි. 

අපට කරුණාව දක්‌වමින් පැමිණි wallaby ජෝඩුව සහ කුරුල්ලන්ගේ නාදයන් අපට ලබා දුන්නෙ තවත් ආස්වාදයකි. ඇත්තෙන්ම එය ආත්මීය අභයභූමියකි, එහි ස්වභාවධර්මය ශ්‍රේෂ්ඨත්වය සහස්‍ර ගණනාවක අතීත කථා මුමුනනු මෙන් අපිට දැනුනේ මුළු ගත්තත් සිතත් ප්‍රබෝධමත් කරවමිනි.