Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Dilshan Balawickrama level_badge

Dilshan Balawickrama

Full stack & Mobile Dev

Aug 23 2024 @ 19:48

අන්තර්ජාලයෙන් ඔබ්බට



මගේ දුරකථන තිරය තවත් දිදුලන්නේ නැත,
තවත් දැනුම්දීම් නාද ඇසෙන්නේ නැත,
හෝරා එක දෙක වූ අන්තර්ජාල සංවාද තවත් නැත.

WiFi මුරපදය අමතක වී ගොසින්ය ,
ලැප්ටොප් පියන සෙමෙන් වැසී ගොසින්ය.

මම ජීවිතයේ සජීවී නාලිකා හරහා සැරිසරන්නෙමි,
සත්‍ය පැවැත්ම ඇති තැන් හි යන්නෙමි.

මගේ ආත්මයට නව බීජ රෝපණය කිරීමට ඉඩ දෙන්නෙමි,
මම ස්පර්ශයෙන් සැනසීම සොයන්නෙමි.

මම මා විසන්ධි කිරීමට තෝරා ගත්තෙමි,
අන්තර්ජාලයෙන් ඔබ්බට අර්ථය සොයා යන්නෙමි.

ඉතින් ආයුබෝවන්,
මම සමුගන්නෙමි.