මා පෙරදා සඳට පෙම් කල බව සැබෑව
එනමුදු මා ඔබ සමග පායන තරුවක් නොවූ වෙමි
දහසක් තරු මැද පායන සඳ ට පෙම් කිරීමට
සැබැවින්ම මා සුදුස්සෙක් ද... මම නොදනිමි
නමුදු දැන් මට මා සොයා ගැනීමට ආවැසිය
එ හෙයින් ඔබ නොදුටු තැනට මා ආපසු ගමන් කරමි
මා ඔබ වන් කිසි වෙකු කිසි දා දැක නොමැති බවත්
ඔබ සමග කිසිදා වචන ගලපා නොමැති බවත්
මසිතට වටහා දීමට වෑයම් කරමි