අමතක වූ කාලයෙහි දෝංකාරය තුළ,
මම මගේ හදවතේ නිදහස් වීම දකිමි,
කැඩී ගිය රිද්මයෙ හෝ නොසන්සුන්තාවයේ අවශේෂයෙන්,
තවදුරටත් බැඳීමක් නැත.
කලක් රන් හුයෙන් ගෙතූ කතාව,
අද නිහඩ අළු පැහැයටය,
උදාවන නව දිනයට,
මම දැන් සැරසෙනමි.
ඔබ ග්‍රීෂ්ම ඍතුවේ ක්ෂණික සුළඟක් මෙන් විය,
රාත්‍රියේ කෙඳිරියක් මෙන් විය,
මම මගේ ආලෝකය නැවත ලබා ගන්නා විට,
මෘදු පහසුවකින් පෙර පරිච්චේදය වසා දමමි.
අවිශ්වාසවන්තය, ආත්මය මහ මේඝයට නැමීමට ඉඩ ඇත,
නමුත් ශක්තිය මා තුළ ඇත,මම නැවත නැඟිටිමි,
බිඳුණු ආත්මය යළි සකසන්නෙමි.
ඊයේ යධම් පහව ගොස් ඇත,
ඔබේ නාමය සෙවනැලි වී ඇත,
මම , මගේ බැල්ම, අනාගතයටය ,
දොස් නැති මාර්ගතක් දෙසටය.
සෑම පියවරක් සමඟම, ජීවන හුස්මකි, නව ජවයකි.
මම දොස් හැගීම් පාගාදමමී,
පොළොවේ මගේ ස්ථානය සොයා ගන්නෙමි.
එබැවින් මෙය ඔබට මගේ අවසාන වචනය වේවා,
අතීතයට මගේ පණිවිඩයයි,
මගේ දිවිය දැන් නිහඩය,
ඔබේ හඬ තවදුරටත් නැත,
ඔබේ රුව තවදුරටත් නැත,
මගේ සාමය අවසානයේ මට ඇත.
මම මගේ ඉරණමට හිමිකම් කියමි,
මගේ ඉරනම සකසන්නෙමි.
නැහැ දොසක් ඔබ කෙරෙ මට,
විවෘත හදවතින්,
මම සමුගෙන්නේමි.
මගේ ආත්මය නිදහස් කරමි.
ඉතින් ආයුබෝවන්.