Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Read faster in the Sithuwili App
Dilshan Balawickrama level_badge

Dilshan Balawickrama

Full stack & Mobile Dev

Nov 27 2026 @ 15:50

මතක සෙවණැල්ල



අප බාල වියේ සෙල්ලම් කළ මිදුලේ
කෙළිලොල් උදයේ එකට වැඩුණු කාලේ
සෙනෙහස් එළියේ මිතුදම පිපි ලීලේ
මේ ජීවිතයේ සුවඳයි මතක විලේ

කාලය ගෙවෙමින් යොවුන් වියට හැරුණේ
මිතුදම වැඩෙමින් පෙම් මල් වී පිපුණේ
නෙත් යුග දිලෙමින් නොකියූ පෙම පෙනුණේ
සෙනෙහස පුදමින් අප හදවත් බැඳුණේ

මැනවින් ගැළපෙනා අප සිත් එකම මතේ
ඉඟියෙන් හඳුනනා සෙනෙහස පිරුණි සිතේ
නොසැලී රැඳෙනා විශ්වාසය දෙනෙතේ
නොනිමී වැඩෙනා අප පෙම සසර පතේ

​ලොවම රුපු වෙසේ යුදයට යන කොයි දා
සෙවණැල්ලක් සේ මා අත නොම හැරදා
නොබියව එකසේ සිය දිවි පවා පුදා
මා හා සමසේ නුඹ පියමැන්නා හැමදා

​පැතුමන් බිඳලා මා අඳුරේම තියා
අසරණ කරලා අකලට දෙනෙත් පියා
මෙලොවින් මිදිලා නොපෙනෙන ලොවක් සොයා
සදහට හැරලා නොසිතූ ලෙසම ගියා

​වෙන හිමි සෙවණේ සිටියද මේ පොළොවේ
මෙලෙසින් සොවිනේ කිසිදා හද නොතැවේ
නුඹ ඇත දෙරණේ යන සැනසුමේ සුවේ
අහිමි වූ තැනේ හදවත සදා දැවේ

මුල් පෙම පිපි දා නුඹ මට පිදූ සිනා
තනි සිතෙහි සදා මවයි සෝ කල්පනා
නුඹ නික්මුණු දා හද ගැබෙහි නොමැකෙනා
මහමෙර පරදා උරුම විය වේදනා