
එකම අහසක් යට - එකම හුස්මක් පොදක් මැද
කෝටි ගණනක් - රූප මැවෙනවා
හිනා හඬවල් අස්සේ - කඳුළු හංගාගෙන
මිනිස්සු - නන්නාඳුනන මාවත්වල ඇවිදිනවා...
සමහරු - පින්තාරු කළ මල් වගෙයි
ඈතට ලස්සනයි - ළඟට සුවඳ නෑ
තවත් සමහරු - කටු පඳුරු වගෙයි
දැක්කම බයයි - ඒත් හෙවණ හරිම සිසිලයි...
මිනිස්සු කියන්නේ,
කියවා අවසන් කළ නොහැකි - පොත් ගොන්නක්
මුල් පිටුව ලස්සන වුණාට
ඇතුළේ කතාව - හරිම ශෝකාන්තයක් වෙන්න පුළුවන්...
ආදරය ඉල්ලන තැන - වෛරය බෙදන
වෛරය ලැබෙන තැන - නිහඬව ඉවසන
හරිම පුදුම - විෂම චක්‍රයක් මේ මිනිස් හදවත...
ලැබෙන දේට වඩා - නොලැබෙන දේ ගැන
ළතැවෙන එකම සත්වයා..
සතුට හොයන්න - ලෝකෙම පීරනවා
ඒත් සතුට තියෙන්නේ - තමන්ගේ හිතේ බව
දන්නේ හරිම අතළොස්සයි...
වැටෙන කොට - අතක් දෙන්නට වඩා
වැටෙන හැටි බලන්න - දෑස් දහසක් බලා ඉන්නවා
ඒත් අඳුර මැද - එකම එක පහනක් වෙන්නට
පුළුවන් නම් කෙනෙකුට - ඔහුයි මිනිසත්කමේ සැබෑ හිමිකරුවා!
මිනිස්සු එන්නේ - යන්නටයි...
ඒත් යන දවසක - ඉතිරි කරන්නේ
අපි ලෝකයට දුන් - ආදරයත්, කරුණාවත් විතරයි...
ඔයලා මොකද හිතන්නේ මිනිස්සු ගැන..?