*
වාෂ්පීකරණයෙන් ගැලවී ගිය
ඝනීභවනයෙන් වලාහක මැව්ව
චක්‍රයකින් මිහි මත පතිත කළ
සියල්ලම මැව්වේ මේ අහස..
මිහි නුඹව තුරුලේ හංගා නැළෙව්වාට
පෝෂණයට නොයෙක් දෙ දුන්නාට.
මිහි අම්මා අහසට මුවාවෙලා..
පණ පෙව්වා වැහි පුතුට..
ඍතුවෙන් ඍතුවට
වෙනස් වීය නුඹේ හැසිරුම
මහා හඬ නගා අහසට
පතිත වූවා මිහි මත.
ඇයි පුතේ මතක නැද්ද?
අහසට ගියේ ඉබේමද?
සූර්ය අත් විහිදුවා ගත්තා
අහස් මුදුනට..
නුඹේ චන්ඩ වීම් කරවීය
මිහිමත විපර්යාස..
පෙරේදා අම්මාගේ
හද තුළ වූවා නාය යෑම..
විෂවායු කුණු කසළ
මිනිස්සු ගෙනත් දැම්මා නේද නුඹ මතම
මා නුඹව ඔසවද්දී
ගඳ දැනුනා හරි හරියට..
සැරින් සැරේ මිහි මතට වැටෙනකොට
මං බැලුවා මම වැරදිද?
ඇයි පුතේ ඉන්නකො මාත් එක්කම
අතහරින්න එපා නිල් අහස් ගැබ
මිහි විතරද නුඹ මැවුවේ?
මං අහන්නේ මම නෙවෙයිද?
ඉතින් වැහි පුතේ මේ අහන්න..
අහසින් බං පුතේ නුඹලා හැදුනේ..
_ තරුශි නිසංසලා _✍️