නිලුපුල් දෙනෙත් සගලක.
විඩා නිවන බැලුම් අග
.තඹවන් කෙස් වැටිය.
නලියන රැලි මදනලට
දිදුලන කොපුල් සගල
මත රූරන දා බිදු වරුවක.
සිනිදු සුදු මුදු දෙ අතට.
ලැබුන ඒ වැඩ කන්ද.
බිද දමා රැයකදී
පුර අගනක් දුන් මැවුම් වතක් හැද
රොස පැහැ මිරිවැඩි සඟල පලදවා ගෙන
ගියානෙ සුහද හමුවකට.
කුමරෙක් විත් තම අතගෙන.
යෙදුනා නර්තනය ක
වෙලාව පසූවී ඇති බව
දැනුනෙ නැත ඇයට.
දිව යන්නට වීය සැනෙකින්
මිරිවැඩි යක් ගැලවුනි හනිකෙන් .
සොයන්නට වීය කුමරා දැන් දැන් .
විඩා බරිත දෙනෙත් අගින්
මවන්නට වීය කුමරුවැති
දා බිඳු පිස දමා නැවතත්
ජීියානේ විවර කෙරුමටදොරගුළු
කුමරාවීය තම නෙතු ඉදිරියේ
ඒක අතෙක මිරි වැඩියක් රෝස වරණ
"සොයා යන්නෙමි හිමිකාරිය මෙහි මා දැන්"
"ඇයගේ සහකාරයාය මා දැන්"
පයට දමාගත් මිරි වැඩිය
දෙස බලා සුසුම් හෙළුවේය
කුමරු ඇගේ අත පැතුමට
බලා සිටි නෙත් අලවා
මිරිවැඩිය ඇගේ පයට හුරු බව
හැඟුනා කුමරුවනට.
ඇගේ විඩාබර දා බිඳූ මකා දමා.
ගෙනගියා රජ මැදුරට.
අසන්නටවීය පුර අඟනගෙන් ඇය.
"මෙයට පබදින නාමය කිමෙක් දැ?"
* සොඳුරමයට ප්‍රේමය නම් වහර යෙදුණේය*