"කරුණාකර වාඩිවෙන්න ඔබගේ අසනීපය කුමක්ද?"
" පසුගිය සතියේ කිසිම නින්දක් නැතුවයි හිටියේ මගේ ඔලුවෙ කැක්කුමක් තියෙනවා .ඒක අඩු වෙන්නෙම නැහැ. ගොඩක් තැන්වලින් බෙහෙත් ගත්තා. කිසිදු අඩුවක් නෑ .මොකක්ද කියලා තේරෙන්නේ නැහැ"
තමා වේදනාව දරාගෙන සිටීමට මිස්ටර් රෝහිත උත්සාහ දැරුවද ඔහුගේ දෑස් තුළිනුත් දෙතොල් තුළිනුත් ඔහුගේ වේදනාව පිළිබිඹු වීය. ඔහු පෙනුමෙන් ඉතා වැදගත් අයෙකු බව පෙනී ගියේය. වෛද්‍යවරයා ඔහුව පරීක්ෂා කර අනතුරුව ඔහුට ඖෂධ තුන්ඩුවක් ලියා දුනි.
" අඩු වුණේ නැත්නම් එන්න. අපි චුට්ටක් බලමු"
මිස්ටර් රෝහිතගේ දෑස් තුළින් කඳුළු නැග එන්නට විය. වේදනා බර බැල්මක් ඔහු තුළින් දිස්විය .ඔහුගේ මුහුණ සුදු මැළවීය.
" doctor ඔබට තේරෙන්නේ නැහැ මම ඉන්නේ අමාරුවෙන්"
යැයි වේදනා බරිතව කෑ ගැසීමකින් අනතුරුව දෑතින් තම හිස බදාගෙන කෑගසමින් ශල්‍යාගාරයෙන් ඉවතට පැන දුවන්නට වීය.
ඔහු වේගයෙන් දුව ගොස් මහා මාර්ගයෙහි වාහනයකට හැපී වැටිණ. ලේ වලක් මැද ඔහු ගිලන් වී සිටියේය. එහි සිටි මිනිසුන් වහ වහා ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කරත් එවිටත් ඔහු මරණයට පත්ව ඇති බව දැන ගැනීමට ලැබිණ. ඔහුගේ මරණය පිළිබඳ නිවැසියන් හා දැනුවත් කර සිටියේය.
මෙම මරණය ඉතාමත් විශ්මයජනක වූ හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේ සාජන්ට් රණතුංගයි. mister රෝහිත යනු ප්‍රධාන පෙළේ වැදගත් ව්‍යාපාරිකයෙකි. ඔහු මේ පිළිබඳව නිවැසියන්ගෙන් තොරතුරු ලබාගැනීමට නිවස වෙත ගිය අතර, එහි රැඳී සිටියේ වැඩකාරයන් දෙදෙනා පමණක් බව දුටු විට ඔහු විශ්මයට පත්විය.
" මට මිස්තරෝහිත පිළිබඳව දැන ගැනීමට අවැසි ඔහුගේ බිරිඳ මෙහි නැතිද?"
එවිට එහි වැඩට සිටී ලීලා නම් වයසක කාන්තාව මෙසේ පිළිතුරු ලබාදුණි.
" මෙහෙ නෑ සර්, දැන් මාස දෙකක් වෙනවා.. නෝනා ගෙදරින් ගිහින්.. කොහෙද කියල නම් දන්නේ නැහැ"
" එහෙමද ?එතකොට මිස්ටර් රෝහිතගේ රෝගය පිළිබඳව මොනවා හරි දන්නවාද?"
" ඔව් සර් ගොඩක් දවස් ඉඳන් ඔලුවෙ කැක්කුමක් තිබ්බා"
" මට වතුර එකක් ගේනවද?" සාජන් රණතුංග විඩාබර නෙතගින් ඇය දෙස බලා විමසන්නට විය.
එවිට ඒම වයසක කාන්තාව වතුර ගෙන ඒම සඳහා නිවස තුළට ගියාය. එහි සිටි වේලූ නම් දෙමළ තරුණයා ගෙන් සාජන් රණතුංග ප්‍රශ්න කරන්නට විය.
" නෝනා ගෙදරින් ගියේ ඇයි?"
එවිට ඔහුගේ නුවණ සුදු මැලිවී දෑස් රත් පැහැ ගැන්වීය දෙතොල් වෙව්ලන්නට වීය. ඔහු එක්වරම මෙසේ පැවසීය.
" සර් නෝනා ගියා.. ඒත් පණ පිටින් නැහැ"
" මොකක්" ඔහු වික්‍ෂිප්ත වී ගියේය.
" ඔව් ෂෑර් ,එක පෙරිය කතාවක් මාත් ඒකට ශම්බන්ධයි..ශෑර්.. මේ නාකි ගෑනී ඉන්න තැන කතා කරන්න බෑ ශෑර්."
සාජන්ට් රණ තුන්ග අනමන්ද වී ගියේය.
" ඔව් ශෑර්, මහත්තයාගේ ලෝයර් හෙට මෙහෙ එනවා හැමදේම බාරගෙන ඥාතීන්ට බෙදා දෙන්න.හෙට මෙ ගෑනි නෑ ශෑර්.ශෑර් හෙට උදේම එන්න . නැත්නම් මම එන්නම් ශෑර්."
එවිට ලීලා නම් වයසක කාන්තාව ක් වතුර වීදුරුවක් අතැතිව සාලයට ඉක්මනින් දිව ආවාය. වේලු හා දීලාගේ මුහුණු එකිනෙක බැලුම් හෙළීය. සාජන් රණතුංග තෘෂ්ණිම්භූතව වේලූ දෙස බලා සිටියේය.
" සර්ට තව මොනවද දැනගන්න ඕනා"
ලීලා නම් කාන්තාව ගොරහැඩි හඬකින් අසන්නට විය.
" නෑ බොහොම ස්තුතියි මට රෝහිත මහත්තයගේ කාමර යබලන්න ඕන"
" එන්න මහත්තයා, ඔය දෙවැනි කාමරය, වේළු මහත්තයාට දොර ඇරලා දියන් "
ඔහු කාමරයට ඇතුළු වූ ක්ෂණිකවම දෑස් යොමු වූයේ රෝහිත මහතාගේ කුඩා පොත් රාක්කය වෙතය.
" මේ පොත්.."
." ඔ මහත්තයා, හොඳ පොත්ගුල්ලෙක් "
එහි තිබී අද්භූත හා මනෝ විද්‍යාව ආශ්‍රිතව පොත් රාශියක් තිබිණි.
" ඔන්න මහත්තයා, සර්ට උනේ මේක ,ඔය පොත් ගොඩයට ඇති ලොකු ලියුම් පෙට්ටියක ඒකෙන් එකක් දෙකක් අරන් කියවන්න .ඉක්මනට ගන්න.
"
ඔහු සාජන්ට්ට සහය වී ඔහුව ආවරණය කරන්නට වීය. ලීලා නම් කාන්තාව කාමරය වෙත ඉක්මනින් ඇතුළු විය. ඉන්පසුව කුඩා මේසයක් උඩ තිබූ පොතක සාජන් රණතුංග විසින් දෙමළ අක්ෂර භාවිතා කර සටහනක් තබා වේලූ දෙස බැලීය. ඔහු වේලූගේ කණට යමක් කොදුරා ඔවුන්ගෙන් සමුගෙන යන්නට විය.
වේලු මේසේ මත තිබූ පොතෙහි සටහන කියවන්න ටවීය. එහි සඳහන්ව තිබුනේ,
" හෙට මං එනවා ඔයා එන්න එපා මට ගොඩක් වැදගත් ඔහුගේ කාමරය බිරිඳගේ පිළිබඳ තොරතුරු මට ඕනේ උදේ හයට මම ඔහේ, වෙලු වෙත...
.........
" තෝ ##කියාපන් ඇත්ත, අර මහත්තයට බලන්න ..ම//රන//වා තෝ#ව දැනගනිම්.. අඩුම රෝහිත මහත්තයාට කළගුණ වත් සලකපං, හරි ද ?මම යනවා ඔන්න. ආයෙ කියන්නේ නැ තො#ට මට පරක්කු වෙනවා ඕං.. ආයේ පැත්තකවත් එන්නෙ නෑ මම. බලාපන් තෝ# ඇත්ත කිව්වොත් තො#ට හෙන ගහ වි.. එහෙම නොවුනොත් මං ලීලා නෙවෙයි"
ලීලා විසින් වේලු හට බැන වදින්නට වීය වේලු කිසිදු ශබ්දයක් නොමැතිව ඇය දෙස බියෙන් බලා සිටින්නට වීය .ඉන්පසු ලීලා තම රෙදි මලුත් රැගෙන වත්තේ ගේට්ටුව දෙසට ගමන් කරන විට ,වේළු මහ හඬින් සිනාසෙන්නට විය.
" මේවා මගේ ය/කෝ මගේ තොපි//ලයේ නෙවෙයි"
ඔහුගේ සිනහව නිවස පුරා රැව පිළිරැව් දෙන්නට විය. ඉන්පසු ඉදිරිපස බලා මුමුණන්නට වීය.
" මගේ සුදු.පණ .මායාකාරී මාවත් උබ ලගට ගනින්.. එනවා මැණිකේ මම. උඹට කරපු අපරාදෙට අරූට ඔහොම වෙලා මදි.. උගේ සේසතම නැති කරල තමයි මම එන්නේ"විකාරයෙන් මෙන් ඔහු කියවන්නට වීය.
සාජන් රනතුංගගේ වාහනය ඈතින් දිස්විය. වේලු, වහ වහා ගොස් ගේට්ටුව විවෘත කර ඔහුට නිවස තුළට ඉක්මනින් එන ලෙස පැවසීය.
" ශෑර් වාංග,සීකරමා "
" කවුරුවත් නැද්ද?" සාජන්ට් රණතුංග විතාලෙය...
" නෑ ශර් . ඒත් ලෝයර් ආ වොත් සේරම හංගා වී"
ඔහුවත් ඇදගෙන නිවසේ උඩුමහලට ගොස් කාමරයක් විවෘත කල අතර, එ තුළට ඔවුන් දෙදෙනාම ගියහ. පෙනුමෙන් අද්භූත මෙහි විවිධාකාර මරණයන් හා මානසික රෝග පිළිබඳව ඇති සටහන් කිහිපයක් මේසයක් මත තිබිණි.
" සර් මහත්තයාට වුනේ මේක මහත්තයට පිස්සු හැදුනා.. ගොඩක්ම මනෝවිද්‍යාව ගැන හොයල අද්භූත කතා කියවන්න පිස්සෙක් උනා.. මෙන්න මේ පොතේ තියෙනවා තමාගේ බිරිඳව මරපු ස්වාමියෙක් ගැන.. හේතුව තමයි අනියම් සම්බන්ධතාවයක්.. මහත්තයා මේ වගේ පොත් කියවලා නෝනව සැක කළා.. ඒත් නෝනා ට එහෙම සම්බන්ධයක් තිබුනෙත් නැහැ. මගේ හිතේ නෝනගෙන ආලවන්තකමක් තිබුණ බව ඇත්ත.. කවදාවත් කීවේ නෑ.. ඒත් සර් සැක කළා මාවත්... ඒක එයාගේ මනසින් හදාගත්ත ා දෙයක් නෝනව මරල හංගලා.. මට දවසක් වත්ත පහළ කෙහෙල් ගහක් හිටවන්න හාරද්දී මට හම්බවුණා..මිනිය.. ඒක අර ගෑණි ත් දැක්කා.. මට කරගන්න දෙයක් නෑ සර්. මං ඇඬුවා මීට ඉස්සෙල්ලා මගේ හිතේ තියෙන දේ කියල නෝනාම එක්කන් ගියා නම් හොදයි කියලා හිතුනා.. මට තරහක් තිබුණා මං මුකුත් කළ නැහැ.. මේ මිනිහට මානසික රෝගයක් සර් ඒකයි උනේ..."
" ඊට පස්සේ නිතර නිතර ඔළුවේ කැක්කුමක් ආවා විකාර කියවන්න ගත්තා.
" මගේ ගෑණි මගේ ඔලුව උඩ නැගලා, තෝ#බැහැපිය බිමට" කියලා කියෙව්ව පිස්සුවෙන්.. එහෙම ඉඳල තමයි මැරිලා ගියේ සර් ලියුම් කියෙව්වද? ඒකෙ ඇති ඒ මිනිහා විකාරයෙන් වගේ මවාපු චරිත වලට ලියපුවා .කියවපුවම තේරෙනවා ප්‍රබන්ධ කියල,.. මාත් ඒ දවස්වල පොත් කියෙව්වා සර් දන්නවද මම නෝනා එක්ක දැනුත් කතා කලා. මාත් යනවා, නෝනා ළඟට.. මටත් දැන් පිස්සු සර් ගනන් ගන්න එපා.."
යැයි කියා මහ හයියෙන් සිනා සී පඩි පෙළෙන් බැස පාර වෙත දිව ගිය අතර ඔහුගේ සිනහව මුලු ප්‍රදේශය පුරාම පැතිරී ගියේය..