කුහුලින් සිත වැහිරී එදින.
අසායි නිතර දේවි මන කලඹව
විශේෂය කිමද පියාණන්ගෙ.?
නැත සිත සැනසුම පවසනු හනිකට.
නරයන් වූ වග පැවසූ විලසට
කෙලෙසද සිත සැදුනේ?
ඔබගේ යොවුන් ඒ සිත තුළ
ලෙන අතහැර යාමට කෙලෙසද මත වැටුණේ.
නිශ්චල වූයේ මා ගත නොව පුත
හද සංකා ගෙන දී.
ලෝදිය දහරක් මෙන් ගලා
ආවේ දුක්ඛ නම් ඒ දියඹයි
කම් නැත ඔබගේ සුව යහපත
උදෙසා යනු නම්.
පස් එකට වී දිවි හරිමි
නමුදු තවමත් ස්නේහය නැත නොසිඳී.
මා හද වෙත කළ ඒ රුදු පහර
නොව රිදුම් දුන්නේ.
ඊ හිස පසාරු කලද මාහද
නැත ස්නේහය සිදුනේ.
ඔබගේ සුව යහපත උදෙසානම්
මා මිය යා යුත්තේ.
එයද මාහට සැපතක්
සිහබා පුතුනි...