අභිරහස ( ජූලි හත) - 1

" mr කරුණාසේන කවද්ද ඔය අතුරුදහන් වීම සිදුවුණේ"
" ජූලි හත් වැනිදා උදේ ඉඳන් ආ ගිය අතක් මේ කෙල්ල කොහෙද දන්නෑ"
" ප්‍රේමවන්තයෙක් සිටියාද ඇයට?"
" දන්න තරමින් හිටියේ නෑ අනික එයා එච්චර මෝඩ ළමයෙක් නෙවෙයි. එයා ඕස්ට්‍රේලියාවෙ ඉඳන් ආපු ළමයෙක්"
" ගෙදරින් කවුරුවත් බන්දන්න තීරණය කළාද?"
" තාම නෑ මයෙ හිතේ"
" මිස්ට කරුණාසෙනගේ කවුද ඒ"
" එයා මගේ අක්කගෙ පොඩි දුව"
" මේහෙ ආවේ මොකටද?"
" නිවාඩුවක් ගත කරන්න"
" පින්තූරයකුයි නමයි විස්තරයි ඔක්කොම එක්ක අපි පත්තරෙ දැන්වීමක් දාමු. පොලිසි මර්ෂන අංශයෙනුත් ලොකු වැඩ කොටසක් වේවි... එහෙනම් අපිට ඒ කිව්ව ටික දුන්නනම්."
" හරි සාජන්ට් බොහොම ස්තූතියි"
Missing ( අතුරුදහන් වී ඇත)
මිලානි වැල්ලවත්ත.. අවුරුදු විසි පහයි..
දුටු අයියා ලඟම පොලිසියට දැනුම් දෙන්න.
නැතිනම් මෙම දුරකතන අංකය හා සම්බන්ධ වන්න.0#########
සොයා දෙන අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයයි..
දින මින සිලුමින ජනතා වැනි හැම පත්තරයකම පාහේ මෙම දැන්වීම පළවිය. එයින් දින දෙකකට පසුව ගනේවත්ව පොලිස් ස්ථානය වෙත මෙවැනි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇති බවට වාර්තා විය.
" මිස්ට කරුණාසේන මෙවැනි කාන්තාවකගේ රුවට සමාන මළසිරුරක් හමු වී ඇති බවට වාර්තා වෙනවා ගනේවත්තෙන් කරුණාකර පවුලේ උදවිය සමඟ එනවාද මිනිහා හඳුනා ගැනීමට"
පාර අයිනක පිහිටි වෙල්යායක මුනින් වැටී තිබූ මේ මිනිය පළමුව දක්නා ලද්දේ ගනේවත්තේ සිට ආලව්ව හරහා වැඩට යන ගැමියන් දෙදෙනෙකු විසිනි. විනය හඳුනා ගැනීමට කරුණ වශයෙනු පවුලේ උදවිය අපරාධ විමර්ශන කාර්යාංශයට ගියහ.
" අනේ දේවියනේ.....මෙ මිලානි මගෙ දුව .දෙයියනෙ..මාව දාලා ගියෙ ඇයි මගෙ පන.."
ඇයගේ මව එසේ ය බෙරි හන්දෙමින් ක්ලාන්ත විය.
" හරි එහෙනම් කරුණාසේන මහත්තයා කට උත්තරයක් දෙන්න ඕනේ මට"
කට උත්තරය.
[quote]" ජූලි හත්වනිදා කීයටද ගෙදරින් ගියේ
?"
"උදේ දහයට වගේ දවල් දෙක වෙනකොට එනවා කිව්වා."
"කොහෙද යනවා කිිිිව්වේ?"
" යාළුවෙක් හම්බවෙන්න "
" ගම් පළාත කොහෙද කිව්වෙ"
" ගනෙවත්ත තමා "
" යාලුවගේ නම් දන්නවාද?"
" නෑ ආයිබොවංඩ"
" එදා ඇදන් ගියෙ දැන් ඔය මිනියෙ තිබ්බ ඇදුමමද?"
" ඔව්"
" වාහනයකද ගියෙ"
" ඔව් මයෙ මිනි කුපර් එකෙන් "
" නම්බරෙ වාහනෙ කියන්නකො"
" ආ මෙ ..මහත්තයා.. මුකුත් හිතන්න එපා...
එක ලොරි නම්බර් එකක්
" යකො එක හරි කථාවක් නෙ
" ඇරියස් වෙලා තියෙන්නේ ..අනික"
" ඒක මට වැඩක් නෑ නම්බරෙ කියනවද මහත්තයා.. පස්සේ අපි අනිත් දේවල් ගැන බලාගමු"
" මහත්තයා.මෙක ගොඩින් බෙරගමු නෙද.2071 නම්බර් එක "
" ඉංග්‍රීසි අකුරු*
" HA"
" කරුණාකර මහත්තයගෙ නඩුවක් තියෙ නෙද තවම?"
" මොකක්ද මහත්තයෝ"
" ඇයි අර වාහන අඩු මිලට අරන් විකුණලා... අවසානයේ දි ආයෙ උස්සලා තිබ්බෙ. ... කව්ද පැමිණිල්ලක් දාලා තිබ්බෙ..ඒ නඩුව තාම යනවා නෙද
?
" අනෙ ඉතිං ගොඩින් බලමු නෙද
[/quote]
කරුණාසේන සාර්ජන්ට් ගෙ අත මත යමක් තැබීය..
සාජන්ට් වහාම එය තම පිටුපස සාක්කුවේ දමාගෙන ...
" හරි එහෙනම් කරුණාසේන මහත්තයා පරිස්සමෙන් යන්නකෝ"
ඔහුගේ හැසිරීම තදින් සාජන්ට් ගෙ හිතට දැනුනෙය..මෙම මරණය සම්බන්ධයෙන් ඔහුට ගණනක් නැති බව ඔහුට පෙනී ගියෙය..
මෙම මරණයෙ ඔහුද කොටස් කරුවෙකු බව සාජන්ට් පහල වන්නට විය...
( එය එසේද?)