දිවියේ කතර ගෙවා..
රැඳීමා අසලින්ම..
ගැහැට වින්ද සවිමත්...
ඈ "අම්මා" නම් විය..
හඬනාවිට මා තුරුලේ..
ළමැද පුරා ස්නේහ ගලා..
රුධිරය කිරි ලෙසට මවා..
මා කුස ගිනි ඈ දැරුවා...
නොනිමිස්නේහය ඔබගේ..
හද පත්ලටම කා වැදුනා...
ගෙන මහමායා මෑණී මාගෙ...
මතු සංසාරේ..
" අම්මෙ .... හැම ආත්මයෙම මගේ වෙන්න පුළුවන්ද?"