නුවර වැව රවුමට පද මුමුණන
වරු ගණන් ගිමන් හරි න.
ප්‍රේමණීය හදවත් මුණ ගැහෙන මේ වැව ළඟ.
මමත් හිඳී හරි අපූරුවටම මග බලන්
කිරිසිනා දෝත රැගෙන හද සනසන්නට.
කිරි මුහුදේ දිය යට සැඟව ගිය
මගේ සිරුර පස් වී හමාරය
මගේ දරු ස්නේහය තවමත්
ආත්මීය වියරුවක වී ඇත.
මද්දුම පුතු මගේ ඇස් පනාපිට.
මියගිය වේලේ හද සංකා ඇති වුව.
සිත නිවා ගත්තේ මාගේ කිරි කැටියා.
හෝ සිටීයැයි කියා මා සමගම.
කෘර නර රජු මාගේ නෙත් අසලම
කොටන්නට කිව්වානේ කිරි දරුවාව.
මගේ දෙ අතින් ම..
අදටත් ඒ හැඬුමන් අසමින්
වැව රවුම දිගේ
ඇිද යන්නෙමි මගේ
කිරි සිහිනයටම..
ඇහැලේපොළ මව නම් වෙමි මම..