චන්ද්‍රා මේ රෑ පායා ආවා..🌘

වත්තේ වැඩපළ බහුල වීම නිසා සියල්ලන්ටම විවේකයක් නොමැති විය. විවේකයක් ලැබුණු විගසම සියල්ලෝ එක් රොක් වී ටීටරයක් බැලීමට යන්නට යුහුසුළු වෙති. මගේ අප්පච්චි ටීටර් වලට සර් පිනා වාදනය කරයි.මාද ඉතා ආශාවෙන් නැරඹීමට යයි. ඉතිහාසයේ නොමැති රජකතා පවා නිර්මාණය කරලීමට ශ්‍රියානි හරිම දක්ශ විය .ඇය උසස් පෙල දක්වා ඉගෙනුම ලබා ඇත.ඉගෙනීමක් නොලද මා ඇගෙ කතා ආශාවෙන් රස විදියි . එදින ටීටරයක් පිලිබද ව ආරංචියක් අප කන වැටුනහ.එම ටීටරය ඉතාමත් වෙනස් අන්දමකට සුදානම් කර ඇති බව වැටහී ගියාය.
( චන්ද්‍රා මේ රෑ පායා ආවා)
වත්තෙ පිට්ටනයෙදී රග දැක්වීම ට තීරණය කර ඇත .රාත්‍රී 7.30 හෙට දිනයෙහි පැවැත්වෙයි.
කැලැන්ඩර කඩදහි හා කොපි පොත් වල කොළ වලින් ලයිමේ හා වත්තේ කණුවක් කණුවක් පාසා ම අලවා තිබුනේ මෙසේය. මමද එම සොයාමය එන තෙක් ඇඟිලි ගණන් කරමින් සිටියෙමි.
පින්න පිරුණු පාන්දර ජාමෙට සීතලේ ගැහි ගැහී වත්තේ වැඩට යන ගෑනු උදවිය අතර මාද විය.
කිසිදු දැනුම් තේරුමක් නොමැති මාද සීතලට ගැහී ගියෙහි හිසේ සිට චිත්තයක් පුරවාගෙන වත්තේ වැඩට යන්නේ නිස්කාන්සුව සදහාය. ගෙදර ගියොත් අඹු නසි! මඟ හිටියොත් තෝ නසී! වගේ මාගේ දයාබර මෑණියන්ගේ හේෂාරා විය මාගේ දිනයම මුස්පේන්තු කරන බව පසක් කරමින් කෙතරම් දුක්ඛිත කාර්යයක් වුවද සිදුකිරීමට මම කැමැත්තෙන් ගියෙමි.
ඇගේ චරිතය තුළින් විටෙක මනුෂ්‍ය ගැහැණියක්ද විටෙක අමනුෂ්‍ය ගැහැණියක්ද නිරූපණය වේ. දැලි වලං සෝදා හරින්නේ පොල් මුඩ්ඩකින් අතුල්ලමින් ය. දැලි ම එකක් හෝ පැල්ලමක් තිබුණහොත් ය එහෙම දැලි මුහුණේ ගා ඇයගේ අමනුෂ්‍ය ගැහැණියව අවදි කරවයි.
විටෙක ඉඳුල් වතුර මාගේ හිස දෙපිටින් ගලායයි. ඉදලේ ඉරටු මස් පසාරු කරගෙන ඇඟ තුළටම විහිදී යයි. මාගේ කෝපාගනිය ි ඇය වෙත නොහෙලම මාගෙන්ම අවසන් කිරීමට මම වෑයම් කරමි.
එම සොඳුරු සොයාමය න් උදාවනවාත් සමගම ඇගේ කටුක බව තවත් තීව්‍ර වුනේ නිවසේ වැඩකටයුතු මා විසින් මඟ හරිතැයි බියෙන් විය යුතුයි. එම නිසා වේලාසනම වැඩ හමාර කර ඒ සඳහා ගිනිහුලකුත් සූදානම් කරගත්තාය.
" සුමනෝ උඹ එන්නේ නැද්ද? ඒ පැත්තට"
" ඉඳපන් අක්කෙ මම මේ එනවා"
" බලපන්කො ශ්‍රියානිගෙ දස්ස කොම"
" එකනෙ නොවැ..මෙකී ඩිරෙක්ටරයෙක් වුනොත් හොදයි"
" අම්මපා ඔව්..රාජා අයියා ට කියලාවත් ඕකි යන්නෙන් නෑ නොවෑ..ඕකා රගපාන එකානෙ"
" රාජාාාා අයියත් ඉතිං කොලඹ නොවෑ. කාලෙකට නොවෑ එන්නේ.. ඔන්න සයිමන් අයියාත් එනවා මේ පැත්තතන්"
සිංහල දෙමළ කිසි භේදයක් නැතුව විවේකී දවසට එකතුවෙලා ටීටරයක් ටෙලිවිසෙනේ ගියපු කතාවක් පරණ රජ කතාවක් කියෝනවා අනිවාර්යෙන්ම...
" විජහින් වාඩිවෙයල්ලා පටන් ගන්නලු හදන්නේ"
වත්තේ පිට්ටනියේ ලී වලින් තැනූ වේදිකාවක් සුදු තිරරෙදි ඇද සකස් කර තිබුණි බිම සුද්ද පවිත්‍ර කොට පැදුරු එලා තිබුණේ වාඩිවීම සඳහාය. ඒ සොඳුරු සුයාමය ආරම්භ විය.
( චන්ද්‍රා මේ රෑ පායා ආවා.. ගංගා දියෙන් නාව නාවා.. මේ ආදරේ වාසනාවන්.. දුක් වේදනාවන් නිවේවා.)
" පද නම් මතක නෑ ඕන්.. ලතා වල්පොලයි ජෝතිපාල මාස්ටරුයි කියන සින්දුවක් එකපාරටම වාදනය වුණා.
" ඒ අපේ සෙබතියන් නෙද අර කෙල්ලෙක්ට ඇඳලා ඉන්නේ"
" ඔවු නෙන්නම්..සයිමනො ඒ වුනාට බලපන්කෝ ලස්සන ."
" හප්පෙ ඔව්.පව්ඩර් දාලා...අපෙත් මද කිපෙනවා ..ඔන්"
" තුක් නොදකින්..තො නම්"
ඔවුන්ගේ රඟ දැක්ම ඉතාමත් හාස්‍යජනක විය. ගීතය අවසන් වූ විගසම කවුදෝ පුද්ගලයෙක් තුවක්කු වක් රැගෙන ආවේය.
" එම්බල චපලකම....තොගෙ නාමය ස්ත්‍රීයයි"
" තො මාහට පෙම් කලෙ මෙවන් හාල් පාරුවෙකුත් සමග පෙම් කෙලමින්ද?"
සියල්ලෝම සිනාසෙන්න විය
" හහ් හහ් හා ..මෙ තොගෙ මරණයයි "
. තුවක්කුව ඉදිරියට දික් කොට ගැහැණිය වෙත වෙඩි තැබීය.
" ඩොං..."
" මා සොඳුර නුඹ ඇයි මැදින් පැැන්නේ??"
තම පෙම්වතියම බේරා ගැනුමට කුමාරදාස ඉදිරියට පැන්නේය. සියල්ලන්ගේම හදවත් සසල විය.
" අනෙ සොදුර ඇස් අරින්න.."
හැඟුම්බර අවස්ථාවක් විය දම් ලේ පපුව තුළින් ගලා විත් සුදු පෑති ඇඳුමෙහි තැවරී තිබුණි.
" එම්බල ස්ත්‍රිය. තෝදුටුවේ මා නිවටයෙක් කියාද?? වර මා සමග යමු..අපෙ මාලිගාව වෙත,දෙන්නම් කොට"
සියල්ලෝම ඇස් පිල්ලම් නෑර වැටී සිටි කුමාරදාස දෙස බලා සිටින්නට වීය.සයිමන් දිවගියෙ කුමාරදාස බැලීමටය.මාත් නොනා අක්කා සමග ඔහු පසුපසින් ගියා ය.
" හප්පෙ.කොහෙන්ද බං මෙ ලේ.,මම බය වුනා ඕන්"
" යකො මෙ කුකුල් සායම් . ශොපින් එකකට දාගත්තාා.. අරූ තුවක්කුව දිික් කරද්දී..මම මෙක චොප්ප කලා.. එච්චරයි "